බන්ධනාගාරයේ සිටි ප්‍රියමාලිට ජංගම දුරකතනය ලැබුණු ආකාරය හෙළිවෙයි
මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී සොයා ගත් ජංගම දුරකතනය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ, එය “කුඩා ජංගම දුරකතනයක්” බවට හඳුනා ගෙන ඇති බව ය. තවත් රැඳවි කාන්තාවක්ගෙන් සැකකාර තිළිණි ප්‍රියමාලිට අදාළ දුරකතනය ලැබී ඇති බව දැනට සිදු කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
ඒ අනුව, ඒ පිළිබඳව කාන්තා අංශයේ නිලධාරීන්ගෙන් හා නේවාසිකයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම මේ වන විට සිදු කරමින් පවතින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය.
ඊයේ (ඔක්. 9) රාත්‍රී 9.30ට පමණ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිදු කළ සෝදිසියකදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමයක බළකාය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි පියුමාලි සන්තකයේ තිබී අදාළ ජංගම දුරකතනය සොයාගනු ලැබ තිබිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |