තිළිණි ගේ වට්ස්ඇප් ගිණුමෙන් නිළියන් සමග ලිංගික වීඩියෝ සහ හඬපට ගැන අනාවරණයක්..(VIDEO)

Sri Lanka Police Sri Lanka
By Aruna Oct 12, 2022 05:46 AM GMT
Report

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක රඳවා සිටියදී තිලිණි ප්‍රියමාලි හට දුරකථනයක් ලබාදී ඇත්තේ රුපියල් පනස්දහසක් ලබාදීමේ පොරොන්දුව මත බව බන්ධනාගාර විමර්ශනවලින් හෙළිවී ඇත.

ඇයට එම දුරකථනය ලබාදී ඇත්තේ කාන්තා රැඳවියක බවද හෙළිවී තිබේ.

මීට අමතරව ඇය බන්ධනාගාර ගත කළ පළමු දින තුනේදී රඳවා තිබූ සිරමැදිරියේ තිබූ තවත් දුරකථනයක්ද බන්ධනාගාර බුද්ධි අංශය විසින් සොයාගෙන ඇත.

එම දුරකථන දෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් තිලිණිගේ පුද්ගලික ජංගම දුරකථනයේ වට්ස්ඇප් සංවාද පිරික්සීමේදී රුපියල් කෝටි ගණනින් මුදල් තැන්පත් කළ ආයෝජකයන්ට නිළියන් යෙදාගෙන සිදුකළ ලිංගික කරුණු ඇතුළත් සංවාද හා වීඩියෝ හෙළිකරන බවට බලපෑම් කර ඇතැයි අනාවරණය වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර බිලියන ගණනාවක මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ අනියම් බිරිඳක් බව හිටපු හමුදා නිලධාරියෙකු හා නිදහස් මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.

නමුත් අසාත් සාලි දැන් වෙන අයගේ පිටට මේ වංචාව දාන්න හදන බවත් තමන්ගේ ප්‍රකාශය තහවුරු කිරීම සඳහා සාක්ෂි තමන් සතුව ඇති බව ද හෙතෙම කියා සිටී.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු ඉල්ලා සිටින අතර එහිදී තමන්ගේ ප්‍රකාශයේ සත්‍යතාවය ඔප්පු කිරීමට සූදානම් බවද ඔහු පවසයි.

රාජපක්ෂලාද තිළිණි ප්‍රියමාලී ට ඇන්දුන බවද තිළිණිලා චිත්‍රපටි උළෙලවල් පැවැත්තුවේ ව්‍යාපාරිකයන්ට ඉන්දීය නිළියන් දීලා බ්ලැක්මේන් කරගන්න යයිද කියයි.

ඔහු මෙම අදහස් පල කරන්න අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now