කෝටිපතියන් රවටා මුදල් ගැරූ තිලිනි, ශිරන්ති සමග උත්සවයක..? රාජපක්ෂ පවුල හා තිළිණි අතර සබධතාව ගැන නිවේදනයක්..!

Mahinda Rajapaksa Sri Lanka Shiranthi Rajapaksa Rajapaksa Family
By Sewvandhi Oct 08, 2022 09:33 AM GMT
Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි සමඟ සබඳතා පවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල පැතිර යන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිගේ මාධ්‍ය අංශයෙන් එම වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව පැහැදිලිවම ප්‍රකාශ කරනවා.

තිළිණි ප්‍රියමාලි ද සහභාගි වූ උත්සවයකට ශිරන්ති රාජපක්ෂ සහභාගී වන අයුරු දැක්වෙන ඡායාරූපයක් පසුගිය වසරේ මාර්තු මාසයේ දී නිකුත් වී ඇති අතර, නමුත් එය රාජපක්ෂ මහත්මිය චිත්‍රපට නිෂ්පාදනයක් සහ සංගීත සංදර්ශනයක් එළිදැක්වීමේ උත්සවයකට සහභාගී වී සිටි අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් බවයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සහ කලාකරුවන් ද සහභාගී වූ මෙම අවස්ථාවට චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විසින් රාජපක්ෂ මහත්මිය වෙත ආරාධනාවක් කර තිබුණා.

තිළිණි ප්‍රියමාලි සමඟ රාජපක්ෂ මහත්මිය හෝ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ කිසිවකු අතර සම්බන්ධයක් තිබූ බව හිටපු ජනාධිපතිගේ මාධ්‍ය අංශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර යටි අරමුණින් අදාළ පින්තූරය ප්‍රචාරය කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාව තරයේ හෙළා දකින බවත් එම නිවේදනයේ දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now