තිළිණි ප්‍රියමාලිගෙන් විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වන්න..මාධ්‍ය ප්රධානියෙකුගෙන් දැනුම්දීමක්...
ත්‍රිකෝ ගෲප්’ ආයතනයේ වැඩ කටයුතු මේ වන විටත් සාර්ථකව සිදු කරගෙන යමින් සිටින බව එම ආයතනයේ මාධ්‍ය ප්‍රධානීන් පවසනවා.
සුරංගි කොඩිතුවක්කු හා ඇයගේ මාධ්‍ය සහායකයා පවසන්නේ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිහිටි තම ආයතනය වසා දමා නැති බවත් සුපුරුදු රාජකාරි කටයුතු සිදු කරමින් ඇති බවත්ය.
ආයතනයේ සභාපතිනිය රක්ෂිත බන්ධනාගාර ගත වූ ද එය නීතිමය කටයුත්තක් බවත් එය අවසන් වූ වහාම ඇය විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන් කියා සිටිති.
සභාපතිනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දිනයේදීද දැනුම් දුන්නේ ආයතනයේ රාජකාරි එලෙසම පවත්වාගෙන යන ලෙස බවද පැවසූ ඔවුන් ඒ අනුව සුපුරුදු රාජකාරි තවදුරටත් ඒ ආකාරයෙන්ම සිදු කරමින් සිටින බවද කියා සිටියහ.
තමනට විරුද්ධව සමාජ ජාලාවල අපහාසාත්මක පුවත් පල කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා රහස් පොලිසියට පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔවුන් මෙම අදහස් පල කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |