මෙරටට ඉන්ධන ප්‍රශ්නයට තිළිණි ප‍්‍රියමාලි දුන් සුපිරි විසදුම මෙන්න...

Sri Lanka Police Sri Lanka Department of Prisons Sri Lanka
By Aruna Oct 13, 2022 05:02 AM GMT
Report

කෝටිපති ව්‍යාපාරයකයන්ගෙන් බිලියන ගණනක් මුදල් වංචා කිරීමේ චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා කියමින් විදේශ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්ම ලැබී තිබෙනවා.

මෙරටට ඉන්ධන ගෙන්වන නියෝජිතවරිය ලෙස තමන් පත් කර ඇති බව පවසමින් මුහුදේ රඳවා ඇති ඉන්ධන නෞකා ගොඩබෑම සඳහා මුදල් අවශ්‍ය බව පවසමින් ඇය මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගෙන්ම විදේශ මුදල් ලබාගෙන ඇතැයි ඔවුන් විසින් කර ඇති පැමිණිලි වල සඳහන්ය.

එසේ ගන්නා ලද මුදල් දිනක් හෝ දෙකක් ඇතුළත ලබා දෙන බව පැවසුවත් එම මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරිකයන් පොලිසියට පැමිණිලි කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now