හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නිවසට හොරු පනී..

Sri Lanka Police Sri Lanka Cricket Sri Lanka
By Piyumika Jun 24, 2024 07:37 AM GMT
Report

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ පන්නිපිටිය කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේ නිවසට ඇතුළු වූ සොරුන් දේපළ රැසක් සොරාගෙන ඇතැයි තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නිවසට හොරු පනී.. | Thieves Ran Into Sachitra S House

සොරාගෙන ගිය දේපළ අතර වටිනා අත් ඔරලෝසු , ලැෆ් ටොෆ් වර්ගයේ පරිගණක, ටැබ් යන්ත්‍ර , රන් භාණ්ඩ සහ මුදල් වන බව පොලිසිය සඳහන් කරයි.

නිවසට ඇතුළු වූ සොරුන් ආරක්ෂිත කැමරා පද්ධතියේ ගබඩා පද්ධතියද රැගෙන ගොස් ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තාත්තාගේ සහෝදරියට පුතා කරපු අපරාධය..

තාත්තාගේ සහෝදරියට පුතා කරපු අපරාධය..

සචිත්‍ර සේනානායක ඇතුළු පවුලේ අය අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටව ගිය අවස්ථාවේදී නිවසේ පහත මාලයේ ජනේලයක් බිඳ ඇතුළු වී නිදන කාමරයේ අල්මාරියක් කඩා එහි තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය විය .

පාසල් පෙමක් නිසා පෙම්වතාට පෙම්වතියගේ ඥාතීන් කල දේ..දෙමළ සිනමාවක සිදුවීමක් සැබෑවටම සිදුවෙලා..

පාසල් පෙමක් නිසා පෙම්වතාට පෙම්වතියගේ ඥාතීන් කල දේ..දෙමළ සිනමාවක සිදුවීමක් සැබෑවටම සිදුවෙලා..

සචිත්‍ර ඇතුළු පවුලේ අය පසුදින රාත්‍රි යළි නිවසට පැමිණෙන අවස්ථාවේ දල්වා ගිය විදුලිය විසන්ධි කර තිබූ අතර ඉදිරිපස දොරද විවෘත කර තිබී ඇත.