අපරාධ රැසක මහ මොළකරුවෙකු STF අත්අඩංගුවට..

Sri Lanka Police STF Sri Lanka
By krishani May 28, 2022 07:27 AM GMT
Report

විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකක iiහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කරන ලද වැටලීමක් අතරතුර දී අපරාධ රැසකට අවශ්‍යව සිටි සංවිධානාත්මක සොර කල්ලියක් මෙහෙය වූ අයෙක් ඊයේ(27) දිනයේ දී ජාඇල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ජාඇල පිහිටි ආයතනයක් කොල්ල කෑමේ සිද්ධියකට අදාළව සැකකරුවා විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව ජාඇල පොලීසියට බාර දී ඇති අතර පොලීසිය විසින් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී සැකකරු විසින් ජාඇල,මිනුවන්ගොඩ,මීගමුව සහ කඳාන යන ප්‍රදේශවල වෙළෙඳසැල්,නිවාස මංකොල්ල කා ඇති බවට හෙළි වී තිබේ.

53 හැවිරිදි ඔහු ජාඇල ප්‍රදේශයේ පඳිංචිකරුවෙක් වන අතර සන්තකයේ තිබී සොරා ගත් භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join