කංසා ගැන යෝජනාවක් ඇවිත් නැහැ. - ඇමතින ඩයනාට දෙහි කපයි. - (VIDEO)
                                    
                    Bandula Gunawardane
                
                                                
                    Sri Lanka Cabinet
                
                                                
                    Diana Gamage
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඊයේ සඳහන් කළා.
කෙසේ වෙතත් ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,රාජ්‍ය අමාත්‍යවරිය කැබිනට් ඇමතිවරියක් නොවන බවත් ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් වගකීමක් බාරගනොනන්නා බවත්ය.