ගසක බැඳ අමානුෂික ලෙස පහර කෑමට ලක්වූ තරුණයාව හමුදාව බේරාගනී..!

Sri Lanka Army Sri Lanka
By Sewvandhi Jan 11, 2023 09:54 AM GMT
Report

6 වන ගැමුණු හේවා බලකා ඒකකයේ විසින් විශ්වමඩු තේරාවිල් යුද්ධ හමුදා කඳවුරට ආසන්නයේ තරුණයෙකුට ප්‍රදේශවාසීන් පිරිසක් අමානුෂිකව පහර දෙමින් සිටියදී ඔහුව මුදාගෙන පුදුකුඩුඉරිප්පු පොලීසියට භාර දී තිබේ.

ප්‍රදේශවාසීන් විසින් සිදුකළ දැනුම්දීම මත 6 වන ගැමුණු හේවා බළකා නිලධාරීන් වහාම මේ පිළිබඳ පොලීසිය දැනුවත් කර තිබේ.

එහෙත් පොලිස් නිලධාරීන්ට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් හමුදා නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී අදාළ තරුණයාගේ ජීවිතය බේරාගෙන තිබේ.

පසුව පහරදීකෑමට ලක්වු පුද්ගලයාව පුතුකුඩුඉරිප්පු පොලීසිය වෙත භාරදී ඇත. පසුගිය ජනවාරි 08 වන දින තරුණයින් පිරිසක් ක්‍රීඩා කරමින් සිටිය දී ආරවුලක් ඇතිව තිබේ.

එහිදි තේරාවිල් විශ්වමඩු ප්‍රදේශයේ තරුණයෙකු විදුලි පන්දමක් සොරකම් කළේ යැයි පවසමින් එම ප්‍රදේශයේම ජීවත් වන තවත් තරුණයෙකු විසින් පහරදීමක් සිදුකර තිබුණි. 

 පහරකෑමෙන් උරණව සිටි තරුණයා සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පසුව පහරදීම සිදුකළ තරුණයාව අල්ලාගෙන අමානුෂික ලෙස වධහිංසාවට ලක්කර ගසක ගැට ගසා පහරදෙමින් සිටිය දී යුද හමුදාව මැදිහත්ව ඔහුව බේරාගෙන තිබේ.

සොරකම හා පහරදීම සම්බන්ධයෙන් පුතුකුඩුඉරිප්පු පොලීසිය විසින් මේ වන විට පරීක‍ෂණයක් ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now