හමුදාවේ නිල ඇඳුමකට සමානව වෙස් ගෙන සූක්ෂමව නිවසක් කොල්ල කයි..
Sri Lanka
By krishani
යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අටදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රාත්‍රි කාලයේදී නිවසකට ඇතුළු වී දොළොස් ලක්ෂයකට අධික මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලායෑමේ සිද්ධියක් හලාවත - රඹේපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
වලාන දූෂණ මර්දන ඒකකයෙන් බව පවසමින් පිරිස නිවසට ඇතුලු වී ඇති අතර තමන් පසුව යුද හමුදාවේ බවත් තවත් විටක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බවත් නිවැසියන්ට පවසා ඇති බව වාර්තා වේ.
මුදල් කොල්ලකා පලා යන අවස්ථාවේ සැකකරුවන් පවසා තිබෙන්නේ තමන් ඉහත සඳහන් කිසිදු ඒකකයකට අයත් නොවන බවත් කොල්ලකෑමේ අරමුණින් නිවසට පැමිණි බවත් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |