කුඩා දැරියන්ගේ අසභ්‍ය දර්ශන අලෙවි කළ තරුණයා - අවු 3ට වැඩි දරුවන්ගේ වීඩියෝ 7000ක් පමණ..

Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Sep 28, 2023 03:42 PM GMT
Sewvandhi

Sewvandhi

in ආහාර
Report

පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්, කුඩා දැරියන්ගේ අසභ්‍ය දර්ශන ඇතුළත් රූපරාමු අලෙවි කළ 24 හැවිරිදි තරුණයෙක් පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගියදා එම කොට්ඨාසයේ සමාජ මාධ්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ චීවරධාරියාට අසභ්‍ය දර්ශන අලෙවි කිරීම සම්බන්ධයෙනි.

එහිදී සැකකරුගේ ජංගම දුරකතනයේ තිබී කුඩා දැරියන්ගේ ඇතුළු අසභ්‍ය දර්ශන ඇතුළත් රූපරාමු 7000ක් පමණ සොයාගෙන තිබේ.

ඒ අතර වයස අවුරුදු 3 සිට ඉහළට කුඩා දැරියන් සිටින බව මේ වනවිට හෙළිවී ඇත. සැකකරු ඊයේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.

රසිකයන් හඩවා හැරී පෝටර් හී " ඩම්බෙල් ඩෝ" සදහටම මෙලොවින් නික්ම යයි - (PHOTOS)

රසිකයන් හඩවා හැරී පෝටර් හී " ඩම්බෙල් ඩෝ" සදහටම මෙලොවින් නික්ම යයි - (PHOTOS)