පොලිසිය තුළදී අභිරහස් ලෙස මියගිය 21 හැවිරිදි තරුණයා. - (VIDEO)

Sri Lanka Police Crime Mysterious Death
By Wayomi Jan 31, 2024 09:19 AM GMT
Report

අනුරාධපුර පොලිසිය මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට ත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබෙනවා.

පොලීසියට රැගෙන යනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටි ඔහුගේ මරණය සැකසහිත බවටයි ඥාතීන් චෝදනා කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ,21 හැවිරිදි සනුක ගිහාන් අනුරාධපුර දෙවන පියවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගේ මව විදෙස්ගතව සිටින අතර පියා කොළඹ රැකියාවක නිරත බවත්, එම හේතුවෙන් සනුක සිය නැන්දනිය භාරයේ සිට තිබෙනවා.

ඊයේ උදෑසන 9.15ට පමණ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විශේෂ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට සනුක සමඟ තවත් තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව පස්වරු 3.00ට පමණ පොලිසිය ඥාතීන්ට පවසා ඇත්තේ සනුක මියගිය බවයි.

ඒ, සම්බධයෙන් අනුරාධපුර පොලීසිය කියා සිටියේ, සිරමැදිරිය තුළ සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම තරුණයා මියගිය බවයි.

කෙසේ වෙතත් තරුණයාගේ ඥාතීන් පවසන්නේ, ඔහුගේ මරණය සැක සහිත බවයි.    


                                                                                  Sponsored By Sarrita Jewellery

පොලිසිය තුළදී අභිරහස් ලෙස මියගිය 21 හැවිරිදි තරුණයා. - (VIDEO) | The Young Man Who Died Mysteriously In The Police