ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලොව විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වෙනුවෙන් නිර්මාණය වූ චිත්‍රපටය කලඑළි බැසීමට සැරෙයි.(VIDEO)

Muttiah Muralitharan Sri Lanka Cricket Sri Lanka
By Wayomi Apr 17, 2023 07:35 AM GMT
Report

ලෝකයේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා යන ගෞරව නාමයෙන් පුද ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ අතිදක්ෂ දඟ පන්දු යවන්නෙකු තමයි මුත්තයියා මුරලිදරන්.

මෙම විශිෂ්ට පන්දු යවන්නාගේ චරිතය ඇතුළත් චරිතාපදාන චිත්‍රපටයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටයක් වන Slumdog Millionaire චිත්‍රපටිය සඳහා රංගනයෙන් දායක වූ Madhurr Mittal විසින් මෙම චිත්‍රපටියේ මුරලිදරන්ගේ චරිතයට පණ පොවනු ලබනවා.

මෙම නව සිනමා පටය භාෂා ත්‍රිත්ත්වයකින් හැඩගැන්වා ඇති අතර මෙහි අධ්‍යක්ෂකවරයා වන MS Sripathy විසින් චිත්‍රපටය ''800'' යනුවෙන් නම් කර තිබෙනවා.

ඒ, මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙහි දවාගත් කඩුලු සංඛ්‍යාව සංකේතවත් කිරීම වෙනුවෙන්.

මෙම සිනමා පටයේ පළමු පෝස්ටරය අද දිනයේ දී නිකුත් කර ඇති අතර ඒ, මුත්තයියා මුරලිදරන්ගේ 51 වැනි ජන්ම දිනය අදට යෙදී තිබීම හේතුවෙන්.

Sinnasamy Muttiah සහ Lakshmi Muttiah දාව මහනුවර නගරයේ දී උත්පත්තිය ලැබූ මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක්, එක්දින කඩුලු 534ක්, පන්දුවාර 20 කඩුලු 13ක් සහ අයි.පී.එල්. කඩුලු 63ක් දවාගෙන තිබෙනවා.

වර්ෂ 1992 සිට 2010 වර්ෂය තෙක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය ද, 1993 සිට 2011 තෙක් එක්දින ක්‍රිකට් පිටිය ද , 2006 සිට 2010 තෙක් පන්දුවාර 20-20 තරග පිටිය සහ 2008-2014 තෙක් ඉන්දීය ප්‍රීමියර් ලීග් පිටිය ද මුරලිදරන්ගේ පන්දුවෙන් වර්ණවත් වුණා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW