පුදුමෙනුත් පුදුම වුණ, කඳානේ රෑට සුදු ඇඳගෙන මහ පාරේ සැරිසැරූ කාන්තාව ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න.. (VIDEO)
පසුගිය දින කිහිපය පුරා මරියා තුමියට සමාන ස්වරූපයෙන් කඳාන නගරය ආශ්‍රිතව රාත්‍රී කාලයේ සැරිසරන නාඳුනන කාන්තාවකගේ දර්ශණ ඇතුළත් වීඩියෝවක් ගැන සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයකට ලක් වීය.
ඒ ගැන සමාජයේ වඩාත් කතා බහට ලක් වුණ මාතෘකාවක් විය.
මේ වන විට එම අදාළ කාන්තාවගේ අනන්‍යතාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති වාර්තා වීය.
ඇතැමුන් සඳහන් කළේ විදෙස් කාන්තාවක බවට සැකකළ හැකි ඇය මරියා තුමියගේ ස්වරූපය ද නිරූපණය කරන බවත් ය.
එමෙන්ම, ඒ අනුව ඇගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් ද සමාජය තුළ පැවතියේ දැඩි කුතුහලයක් ය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කඳාන පොලිසිය සඳහන් කළේ ඇය රුසියානු ජාතික කාන්තාවක් බව සිදුකළ පරීක්ෂණවල දී හෙළි වූ බවයි.
ඇය මෙරටට පැමිණ බෞද්ධ දර්ශණයේ පවතින භාවනා ක්‍රම සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු වල නිරත වන බවට ද පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
එමෙන්ම, ඇය කතෝලික ආගමේ කාන්තාවක් වුව ද බෞද්ධ දර්ශණය සම්බන්ධයෙන් ඇති ළැදියාව මත ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බවත් සඳහන් විය.
කෙසේ වෙතත්, ඒ අතරතුර කඳාන ප්‍රදේශයේ පිහිටි කතෝලික පල්ලියක් වෙත යමින් සිටිය දී රූ ගත කළ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,