සැමියාගේ රහස් ප්‍රදේශය කැපූ බිරිඳට සිදු වූ දේ.

Sri Lanka Police Sri Lanka
By Wayomi Nov 02, 2023 11:04 AM GMT
Report

තම සැමියාගේ පුරුෂ ලිංගය කපා බරපතල තුවාල සිදුකළ වරදට රිමාන්ඩ් කර සිටි බිරිඳ රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය නියෝග කරනු ලැබුවා.

මොවුන් අනුරාධපුර යහලේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

හමුදා සෙබළකු වන තම සැමියා දිවා කාලයේ නිවසේ නිදා ගෙන සිටින අතරවාරයේ බිරිඳ විසින් ගිරයකින් ඔහුගේ පුරුෂ ලිංගය අගල් දෙකක් පමණ කපා බරපතල තුවාල සිදු කර තිබුණා.

කෙසේ වෙතත් සැකකාර කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර අදාළ වෛද්‍ය වාර්තාව මෙම මස 17 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කවරක්කුලම පොලිසියට නියෝග කළා.