යළි මුළු රටම අඳුරේ ඉන්න වෙයි..ඉහළින්ම අනතුරු ඇඟවීමක්..
මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් යලිත් වරක් රටම අඳුරු විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය තරයේ පවසනවා. පසුගිය සෙනසුරාදා රාත්‍රී රට පුරා හදිසියේ විදුලිය බිඳ වැටීමක් සිදු වුණා.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අකුණක් වැදීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බවයි.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සම ලේකම් නන්දන උදයකුමාර සඳහන් කළේ, විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට මහජන උපයෝගිතා කොමිසම මීට පෙර නිර්දේශ කර ඇති බවයි.
එහෙත් එම නිර්දේශ තවමත් ක්‍රියාත්මක කර නොමැති බවට ඔහු චෝදනා කළා.
මේ අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී විදුලිබිල අඩු කිරීම සහ විදුලි ගාස්තු සැකසීමේ නව ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අද (12) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.