ආඝාත හඳුනා ගත හැකි ලක්ෂණ.පළමු රෝග ලක්ෂණ ඇතිවී පැය 3 ඇතුළත කළ යුතු දේ මෙන්න.
මොළය කියන්නේ අපේ සිරුරේ තියෙන වැදගත්ම ඉන්ද්‍රියක්නේ. මේක අඩපණ වුණොත් ඉතින් ඔක්කොම ඉවරයි. නමුත් අපේ විවිධ වැරදි පුරුදු, ක්‍රියාකාරකම්,සහ මොළයට සිදු වන අනතුරු, හානි වීම් වැනි දේවල් නිසා ඇති විය හැකි භයානක රෝගී තත්වය වන ආඝාතය ගැනයි මේ කතා කරන්න හදන්නේ.
මොළය ආශ්‍රිතව ගෙඩි ඇතිවීම, පිළිකා ඇතිවීම වගේම මොළයට සිදු කරන රුධිර සැපයුමට හදිසියේ බාධාවීම නිසා ඇතිවන ආඝාතය තත්ත්වයන් මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණ කර සමස්ත ශරීරයට දැඩි බලපෑමක් එල්ල කරනවා. එමඟින් මරණය පවා ඇති වෙනවා.
ආඝාතය තත්ත්වයේදී ,
? විශේෂයෙන්ම ආඝාතය තත්ත්වයේදී මොළයේ ක්‍රියාකාරිත්වය මෙන්ම මතක ශක්තියත් අඩු වෙන්නට පුළුවන්.
? ඒ වගේ අවස්ථාවලදී මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන්නට හේතුවෙන චෙස් ඇදීම, දාම් ඇදීම, චිත්‍ර ඇදීම, වචන සෙවීම, ප්‍රහේලිකා විසඳීම ගායනය වගේම නිවසේ පොඩි වැඩ කටයුතුවල නිරත වෙන්නට පුළුවන්.
? පුළුවන් තරම් මොළයට සැහැල්ලුවක් ගෙන දෙන ක්‍රියාකාරකම් කරන්න.
ආඝාතය තත්ත්වයක් ඇතිවන බව හඳුනා ගත හැකි ලක්ෂණ
? ශරීරයේ සමබරතාවය නැතිවී යාම
? කතා කිරීමට නොහැකිවීම
? හිසේ කරකැවිලි ගතියක් ඇතිවීම
? ඇසේ ගිනි පුපුරු පිටවෙන්නාක් මෙන් දැනීම
? ශරීර වර්ණය වෙනස් වීම
? වමනය
? තාවකාලික අන්ධභාවය
? ශරීරයේ එක් පැත්තක් පණ නැතිව යාම
? තද හිසරදය
? ඇවිදීමට අපහසුවීම
? කතා කිරීමේදී ඇතිවන පැටලිලි ස්වභාවය
? කට එක පැත්තකට යාම
? කන්වල ශබ්ද ඇතිවීම
සැලකිලිමත් විය යුතු කරුණු සහ වළක්වා ගන්න ආකාරය.
? රෝගී ලක්ෂණ නොසලකා හැරිය යුතු නොවන බව තරයේ මතකයේ තබා ගන්න.
? විශේෂයෙන්ම ආඝාතයේ පළමු රෝග ලක්ෂණ ඇතිවී පැය 3 ඇතුළත ඔබ රෝහලකට ගියහොත් රුධිරය කැටි ගැසීමට ලබාදෙන Thrombolytic යන ඖෂධය ලබා ගන්නට හැකියාව තියෙනවා.
? ඒ වගේම දුම්පානය ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමත්, තෙල් හා ලුණු අධිකව ආහාරයට ගැනීමෙන් වැළකීමත් , අලුත් එලවලු පලතුරු හා පලා වර්ග නිතර ආහාරයට එකතු කර ගන්න.
? එමෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන ක්‍රියාකාරකම් වල නිතරම යෙදෙන්නේ.
? ඊට අමතරව මනස ආතතියෙන් තොරව සැහැල්ලුවෙන් තියාගන්න.
? නිසි බර පවත්වාගෙන යාමත්, දිනපතා ව්‍යායාම් කිරීමත් වැදගත්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟJOIN NOW |