අධිවේගයේ රැගෙන ගිය සුපිරිම වාහන දෙක කාගෙද? ඇත්ත කතාව හෙළි වෙයි..සම්පූර්ණ විස්ථරය මෙන්න.
අධි සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රවාහනය කරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා.
එම වීඩියෝව ලබාගෙන තිබුණේ, අදාළ මෝටර් රථ දෙක ප්‍රවාහනය කරන ට්‍රක් රථයට පිටුපසින් ගමන්ගත් තවත් වාහනයක සිටින පුද්ගලයෙක්.
මේ සම්බන්ධයෙන් කතාබහක් මතුවූයේ මේ වන විට මෙරටට වාහන ගෙන්වීමට තහනමක් ඇති සමයක මෙලෙස අධි සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් මෙරටට ආනයනය කළේ කෙසේ ද යන්න පිළිබඳවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණ වුණේ, කෝටි දහයකට වඩා වටිනා ක්‍රයිස්ලර් එස්කලාඩේ (chrysler escalade)මෙම ජීප් රථ දෙක කඩුවෙල පිහිටි කර්මාන්ත ශාලාවක් මඟින් අමෙරිකාවේ සිට මෙරටට ගෙන්වා ඒවායේ නිෂ්පාදන වෙනස්කම් සිදුකර යළි ඔස්ට්‍ර්ලියාවට ප්‍රති අපනයනය කරන බවයි.
තවද රේගු ආරංචි මාර්ග පැවසුවේ, වමෙන් පදවන මෙම වාහන දකුණෙන් පැදවීම සඳහා සකස් කර ප්‍රති අපනයනය කිරීමේ ව්‍යාපාරයක් බියගම ආයෝජනය කලාපයේ ඇති බවත්, සමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇත්තේ, එසේ සැකසූ වාහන දෙකක් ප්‍රති අපනයනය සඳහා රැගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් බවයි.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝදෙනෙක්ගේ දැඩි වේචනයට ලක්වුණා.
එයට හේතුව නම් වාහන මෙරටට ගෙන ඒම නතර කර තිබෙන මොහොතක මෙවන් අධිසුකෝපභෝගී වාහන දෙකක් කුමන ආකාරයෙන් ගෙන ආවේද යන්නයි..
මෙම වාහන වලට එල්.සී විවෘත කළේ, කවුරුන්ද යන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |