ලංකාවට නුදුරු මුහුදේ යුදමය ක්‍රියාකාරකම් - ඕනෑම හදිසි අවස්ථාවකට ත්‍රිවිධ හමුදාව සූදානම්

Sri Lanka Army Sri Lanka Ministry of Defense Sri Lanka Latest Headlines Sinhala news
By Aylin Zoya Jun 03, 2026 02:42 AM GMT
Report

පවතින යුදමය වාතාවරණය සහ කලාපීය ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානම් කර ඇති බව ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙරට රැඳී සිටින ඉරාන නාවිකයන් පිරිසක් සම්බන්ධ තත්ත්වය සහ වත්මන් ආරක්ෂක වාතාවරණය පිළිබඳ අදහස් දක්වමින්ය.

ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ඉරාන නාවිකයන් මෙරට රඳවාගෙන සිටින්නේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූලව බවත්, ඒ හේතුවෙන් මෙරටට කිසිදු රාජ්‍යයකින් බලපෑම් එල්ල කළ නොහැකි බවත්ය.

පසුගිය දින කිහිපය තුළ මෙරටට නුදුරු මුහුදු කලාපවල වාර්තා වූ යුදමය ක්‍රියාකාරකම් හේතුවෙන් සාගර ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධව අදාළ ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, ගොඩබිම් ආරක්ෂාවද සාමාන්‍ය පරිදි සිදුකරමින් පවතින බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.