ඉන්දියාවම හෙල්ලූ ලොව තුන්වැනි ධනපතියා. (PHOTOS)
ලෝක ධනවතුන් ගැන නිතරම හොයන්න බලන්න වගේම ඔවුන්ගෙන් දේවල් ඉගෙන ගන්න බොහෝදෙනෙක් උනන්දුයි. ඉතින් ඔන්න අද කියන්න යන්නේ ඉන්දියාවම හෙල්ලූ බිලියනපතියෙක් ගැනයි.
? ඊයේ නිකුත් කළ ජාත්‍යන්තර බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ නවතම දර්ශකයට අනුව ලොව ධනවත්ම පුද්ගලයන් අතර තුන් වැනි ස්ථානය ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ඉන්දීය ජාතික ගෞතම් අදානිට හිමි වෙනවා.
? එම දර්ශකයට අනුව පසුගියදා දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත අමෙරිකා ජාතික ඉලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා වන අතර, ඔහුගේ වත්කම ඩොලර් බිලියන 251ක්.
? දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඩොලර් බිලියන 153ක වත්කමක් හිමි අමෙරිකා ජාතික ජෙෆ් බෙසෝස්ය.
? එතකොට ඉන්දියාවේ ගෞතම් අදානිගේ වත්කම ඩොලර් බිලියන 137ක්.
? අමෙරිකාවේ බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ පස් වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
? ඉන්දියාවේ තවත් ධනවතකු වන මුකේෂ් අම්බානිට හිමි වී ඇත්තේ 11 වන ස්ථනය වන අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 92ක්.
ගෞතම් අදානි
? ගෞතම් අදානි යනු නිවැරදි තීරණ නිවැරදි මොහොතේ ගැනිම තුලින් සාර්ථකත්වයට පත්වූ දක්ෂයෙක්.
? 1962 වසරේ ජූනි මස 24 වන දින ගුජරාටයේ අහමදාබාද් නුවරදී ගෞතම් ශාන්තිලාල් අදානි උපත ලබනවා.
? ඔහුගේ පියා වූ ශාන්තිලාල් අදානි කුඩා පරිමාණ රෙදිපිලි ව්‍යාපරිකයෙක්.
? සුවිශේෂ හැකියාවන් ප්‍රකට කිරිමකින් තොරව අහමදාබාදයේ ශෙත් නගින්දාස් පාසලෙන් මුලික අධ්‍යාපනය හමාර කළ අදානි ඉන් අනතුරුව කලමණාකරණ අංශයෙන් උපාධිය ලබා ගැනිමේ අරමුණින් ගුජරාට් විශ්ව විද්‍යාලයට ඇතුලත් වුණා.
? නමුත් නිරන්තර දේශන මඟ හැරිම,විභාග වලදි පෙන්වු දුර්වල දක්ෂතා හේතුවෙන් දෙවන වසරේදි ඔහු විශ්ව විද්‍යාල ගමනට තිත තැබුවා.
අදානිගේ හැරවුම් ලක්ෂ්‍ය
? විශ්ව විද්‍යාල ගමනට තිත තැබූ අදානි ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වෙත පියවර තැබුවා.
? 1978 දි මුම්බායට සංක්‍රමණය වූ අදානි තරුණයාගේ නවාතැන් පල වූයේ මුම්බායේ ස්වර්ණාභරණ වෙලද පල වූ සවේරි බසාර්ය.
? එහිදි දියමන්ති තැරැව්කරුවකු ලෙස වෙලඳ ලෝකයට ඇතුල් වූ අදානි රැකියාවට අමතරව ව්‍යාපාරික ලෝකයේ අ යනු ආ යනුද මැනවින් ඉගෙන ගනිමින් අවුරුදු 20ක් වන විට මිලියනපතියකු බවට පත්වූයේ ඔහුගේම දියමන්ති තැරැව්කාර සමාගමක් ආරම්භ කරමින්.
? ගෞතම් අදානිගේ වැඩිමහලු සහෝදරයකු වූ මාශුක් අදානි අහමදාබාද්වල ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් ආරම්භ කලේ මේ අතරතුරයි.
? එහි පරිපාලන කටයුතු සඳහා සිය සහෝදරයාට සහය වීමට නැවතත් ගුජරාටය වෙත පැමිණි අදානි ව්‍යාපාරික ලෝකයේ ඊලඟ පිම්ම පනිනු ලැබුවා.
? 1985 වසරේදි ඉන්දියාවට පොලි වයිනයිල් ක්ලෝරයිඩ් හෙවත් PVC ආනයනය කිරිම ආරම්භ කළ ගෞතම් අදානි 1988 වසරේදි අදානි එක්ස්පෝට් පුද්ගලික සමාගම නිර්මාණය කළා.
? 1991 වසරේදි ඉන්දියානු ආර්ථිකයේ සිදුවු ප්‍රතිසංස්කරණ සමගින් ගෞතම් අදානි තම ව්‍යාපාරික ඥානය බලශක්තිය කෘෂිකාර්මික,රෙදි පිලි සහ ලෝහ යන අංශ වෙත යොමු කරමින් සිය ව්‍යාපාර ඉන්දියාව තුල අතිශයින් ලාභ ලබන තත්වයට ගෙන ඒමට සමත් වුණා.
? ගුජරාටි ප්‍රාන්ත ආණ්ඩුව සමඟ 1994 වසරේදි ඇති කරගත් ගිවිසුමකින් පසු ගුජරාටයේ මුන්ද්‍රා වරායේ මෙහෙයුම් කටයුතු තමන් යටතට ගැනිමත් සමගම සමුද්‍රීය ව්‍යාපාර වලට එලඹි අදානි මුන්ද්‍රා වරාය ඉන්දියාවේ පුද්ගලික අංශයෙන් පාලනය වන විශාලතම වරාය බවට පත් කළා.
? වර්තමානය වන විට එහි බහාලුම් ධාරිතාව වසරකට ටොන් මිලියන 210 වන අතර මුන්ද්‍රා වරාය ගුවන් පථයක් සහිත ඉන්දියාවේ එකම වරායද වෙනවා.
? 1996 වසරේදි "අදානි පවර්" සන්නාමය යටතේ බලශක්ති ව්‍යාපාරයට අත ගැසු ගෞතම් අදානි මේ වන විට ඉන්දියාවේ පෞද්ගලික අංශයේ ප්‍රධානතම තාප බලශත්ති නිපදවන්නා බවට පත්ව තිබෙනවා.
? ඒ මෙගා වොට් 4620 ධාරිතාවක්ද සමඟින්.
? එමෙන්ම 2012 වසරේදි අදානි ක්වීන්ස්ලන්තයේ කාමයිකල් ගල් අගුරු පතලේ හිමිකාරිත්වයද ලබාගෙන සිය බලශක්ති ව්‍යාපාර ශක්තිමත් කරගන්නවා.
? සිය බලශක්ති ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කරමින් 2015 වසරේදි ආරම්භ කළ "ආදානි ග්‍රින්" ව්‍යාප්තිය යටතේ පුනර්ජනනීය බලශක්තිය වෙත සිය අවදානය යොමු කරනවා.
? පසුව අදානි ඉන්දියානු සුර්ය බල ශක්ති අධිකාරිය විසින් ඉදිරිපත් කළ ලොව වටිනාකමින් වැඩිම සුර්ය බලශක්ති නිෂ්පාදන ලංසුව (ඇ.ඩෝ බිලියන 6) දිනා ගනිමින් මෙගා වොට් 8000 සුර්ය බල ශක්තියක් නිෂ්පාදනය කිරිම ආරම්භ කර තිබෙනවා.
? මෙම වසරේ තවත් ඉන්දියානු ව්‍යාපාරිකයකු වන මුකේෂ් අම්බානි අභිබවා යමින් ආසියාවේ ධනවත්ම ව්‍යාපාරිකයා බවට පත්වු ගෞතම් අදානි පසුගියදා ඉන්දියාවේ NDTV මාධ්‍ය ආයතනයේ 30% ආසන්න කොටස් මිලදි ගත් බවයි වාර්තා වන්නේ.
බිරිඳ සහ දරුවන්
? ගෞතම් අදානිගේ බිරිද ප්රිති අදානි වන අතර ඇය වෘත්තියෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරියකි.
? වර්තමානයේදි ඇයත් ගෞතම් අදානිගේ පුතුන් දෙදෙනාත් අදානි සමුහ ව්‍යාපාරයේ පාලන කටයුතු වලට සහය දක්වනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |