සොරකම අතරතුර නින්ද ගොස් ගෙරවු සොරාට සිදුවූ දේ - වාර්තා වන අමුතුම පුවත..

Government of China China Crime
By Sewvandhi Nov 23, 2023 02:48 PM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, චීනයේ නිවසක් මංකොල්ලකෑමට පැමිණි සොරෙකු සොරකම මධ්‍යයේ නින්දට වැටි ඇති අතර පසුව සොරාව නිවැසියන්ට හසුවී තිබෙනවා. සොරා නින්දෙන් ගොරවන හඬ නිවැසියන්ට ඇසී ඔහුව අල්ලාගෙන ඇති බවයි.

South China Morning පුවත්පතට අනුව මේ සිදුවීම වාර්තා වී ඇත්තේ නිරිතදිග චීනයේ යුනාන් පළාතෙන්. එහිදී සොරා නිවසට ඇතුළු වූ අවස්ථාවේ නිවැසියන්ව දැකීමෙන් බියට පත් වූ නිසා නිවසේ තිබූ තවත් එක් කාමරයක සැඟවී තිබෙනවා.

සොරකම අතරතුර නින්ද ගොස් ගෙරවු සොරාට සිදුවූ දේ - වාර්තා වන අමුතුම පුවත.. | The Thief Who Fell Asleep During The Robbery

.ඉන්පසුව එම කාමරය තුළදී,  සිටියදී සොරා දුම් වැටියක්ද පානය කර පසුව නින්දට වැටි ඇති බව සඳහන්. ඒ අවස්ථාවේ නිවෙස් හිමියා තම කුඩා දරුවා සමග නින්දට ගොස් ඇති අතර ගෙරවීමේ ශබ්දයකට අවදි විඅ ති අතර ශබ්දය පැමිණෙන්නේ කොහෙන්දැයි විමසීමේදී නිවසේ කාමරයක නිදා සිටින සොරාව දැක තිබෙනවා.

වාර්තා වන්නේ, පසුව නිවසේ හිමිකාරිය වහාම ඇගේ පවුලේ අයට සහ පොලිසියට දැනුම් දුන් අතර පසුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ති බවයි.