පාසල් සිසුවියන් තිදෙනෙකුට අතවර කළ ගුරුවරයා.
පාසලක පාසල් සිසුවියන් තිදෙනෙකුට අතවර කිරීමට තැත්කළ එම පාසලේම විද්‍යා විෂය උගන්වන ගුරුවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීම සිදුව ඇත්තේ,හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල ප්‍රදේශයේ දෙමළ පාසලකයි.
වසර 5ක පමණ කාලයක් එම ගුරුවරයා අදාළ පාසලේ විද්‍යාව ගුරුවරයා ලෙස සේවය කර ඇති අතර අදාළ ගුරුවරයා විසින් පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුවියන් තිදෙනෙකුට අතවර කිරීමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වූයේ.
මෙම ගුරුවරයා ඔවුන්ට කෙටි පණිවුඩ යොමු කරමින් ඔවුන් අපහසුතාවයට පත්කර ඇති බවත්, එම පණිවුඩවලට පිළිතුරු නොයැවීම හේතුවෙන් සිසුවියන් පන්ති කාමරය තුළ වාඩි වී සිටින අවස්ථාවේ දී අනිසි බලපෑම් සිදුකිරීම හේතුවෙන් අදාළ සිසුවියන් වටවල පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව වටවල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතාගේ මුලිකත්වයෙන් 44 හැවිරිදි සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.