මැරතන් තරගයකදී පිහි ඇණුමකට ලක්වූ පාසල් සිසුවා මාස 4කට පසු මියයයි.

Sri Lanka Police Sri Lanka Death
By Wayomi Aug 26, 2023 06:31 PM GMT
Report

පිහි ඇණුමකට ලක්ව රෝහල් ගත කර සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවා මාස 4 කට පසු මියගොස් තිබෙනවා.

මෙම සිසුවා මැරතන් ධාවනයට එක්ව සිටි තරගකරුවන් දිරිගැන්වීමට ගොස් පසුගිය අප්‍රේල් මාසයේදී මෙලෙස පිහි ඇණුමකට ලක් වුණා.

පසුව ඔහු කොළඹ ජාතික රෝහලේ බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ,

මෙම සිද්ධියට අදාළව සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එමෙන්ම ඔවුන්ගෙන් දෙදෙනෙකුට මීට පෙරද ඝාතන චෝදනා එල්ලවී තිබූ බවයි පොලිසිය පවසන්නේ.