නාමල්ගේ විදුලි බිල ගැන පොහොට්ටුව කියන කතාව.

Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Sri Lanka Podujana Peramuna Sagara Kariyawasam
By krishani Aug 07, 2023 01:40 PM GMT
Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හම්බන්තොට වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගි වන බව දන්වා ලංකා විදුලි බල මණ්ඩලයෙන් ආලෝකය සැපයීම පිළිබඳව කළ ඉල්ලීම මත වීරකැටිය නිවසේ පැවති උත්සවයකට විදුලිය සැපයිම සඳහා රුපියල් 2,682,246යි ශත 57ක වියදමක් විදුලි බල මණ්ඩලයට දැරීමට සිදු වූවා යැයි වන සිදුවීම සම්බන්ධයෙන් සමාජයේ වැඩි කතාබහහට ලක් විය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් සඳහන් කළේ නාමල් රාජපක්‍ෂට සමාජයේ කථා බහ වන ආකාරයේ විදුලි බිලක් ලැබී නොමති බවත් මෙම බිදුලි බිල අයකර ගැනීමේ උවමනාවකට වඩා රාජපක්‍ෂවරුන්ට මඩ ගැසීමේ පරමාර්ථයක් ඇති බවත් ය.

එමෙන්ම එම විදුලි බිල්පත හිගන්නාගේ තුවාලය මෙන් පාර සිටීම පිටුපස සැග වූ කරුණක් ඇතැයි පැහැදිළි බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මෙය විදුලිබිල අයකර ගැනීමට උත්සහයක් නොවන අතර රාජපක්‍ෂවරුන්ට මඩ ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සහයක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් බවත් විදුලිබල මණ්ඩලයෙන් ලිපියට පිළිතුරු ලද වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ය.