නව හැවිරිදි දැරියකට මිරිස් සහ ගම්මිරිස් මිශ්‍ර වතුර පොවා ,කකුල් පාගා බඩ ප්‍රදේශයට දණ හිසෙන් පහර දී කෘෘර ලෙස දසවධ දුන් කුඩම්මා - මෙරටින් ඇසෙන ඇගහිරිවැටෙන පුවත...
නව හැවිරිදි දැරියකට මිරිස් සහ ගම්මිරිස් මිශ්‍ර වතුර පොවා, පහර දී පුලුස්සා, ගෙල මිරිකා කෲර වධ හිංසාවට ලක් කළ 29 හැවිරිදි කාන්තාව දින 14ක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
අත්අඩංගුවට ගත් කාන්තාව දැරියගේ පියාගේ දෙවැනි බිරිඳ ( කුඩම්මා) බව පොලිසිය අධිකණයට දැන්වීය. මෙසේ රිමාන්ඩ් බාරයට පත්වූයේ නදීකා ප්‍රියදර්ශනී නමැති කාන්තාවකි. කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි කඩුවෙල ප්‍රදේශයේම කනිෂ්ඨ විද්‍යාලයක 4 වන වසරේ ඉගෙනුම ලබන දැරිය ඇයට වන වධහිංසාව පිළිබඳ විද්‍යාලයේ ආහාර පිසින කාන්තාවට පැවසීමෙන් අනතුරුව ඇය විසින් පන්ති භාර ගුරු මහත්මියට කරන ලද දැනුම්දීමක් අනුව විදුහල්පතිනිය දැරිය සමග පොලිසියට පැමිණ කළ පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා පැවසීය.
දැරියගේ මව ඇය පෙර පාසල් යන අවධියේ දී දැරිය පියා සමග තනිකර නිවසින් පිටව ගොස් ඇති බවත් දැරියගේ පියා මීට වසර දෙකකට පමණ ඉහත දී මෙම කාන්තාව නිවසට කැඳවාගෙන පැමිණ ඇති බව ඇයට ඒ වන විට පෙර විවාහයේ පුරුෂයාගෙන් පිරිමි දරුවකු ද (දැන් වයස හයයි) සිට ඇති බවත් පොලිසිය කියයි. සැකකාර කාන්තාව විසින් අලුයම හතරට අවදි කරවනු ලබන දැරිය ලවා පොල් ගාවා ගැනීම, එළවළු කප්පවා ගැනීම, වළං සෝදවා ගැනීම, එම කාන්තාවගේ සහ ඇයගේ දරුවාගේ රෙදි සෝදවා ගැනීම ඇතුළු වැඩපළ රාශියක් කරගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි.
ඇයගේ යම් වැඩක් අතපසු වුවහොත් දැරියට පහර දී ඇති අතර වරෙක මෝල් ගසකින් ද පහර දී ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. සැකකාරිය ඉකුත් සඳුදා (10) දැරිය බිම දමා කකුල් පාගා බඩ ප්‍රදේශයට දණ හිසෙන් පහර දී ඇතැයි ද අනතුරුව සැකකාරිය දැරිය අමතා එය කිසිවකුට හෝ පැවසුවොත් ”තෝ මරා දින දාහතරකට හිරේ යනවා” යැයි මරණීය තර්ජන කළ බව ද දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරිනියක පැවසුවාය.
සැකකාරිය ඇයගේ දරුවා සමග ඇඳක නිදා ගන්නා අතර දැරියට කැඩුණු පැදුරක් දී ඇතැයිද, නිවස තුළ වූ නාන කාමරයෙන් දියනෑම දැරියට තහනම් කර ඇති අතර නිවස පිටුපස තිබෙන වැසිකිළිය තුළ සවි කර තිබෙන ජල කරාමයෙන් දැරියට දිය නෑම සඳහා අණ කර ඇතැයි දැරියගේ ප්‍රකාශයකින් වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිස් නිලධාරිනිය කීවාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |