ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ.

Sri Lanka
By Wayomi Dec 16, 2022 11:10 AM GMT
Report

වෙනස්කම් කිහිපයක් සමඟින් වත්මන් ක්‍රීඩා පනත සංශෝධනය වී තිබෙනවා.

ඒ අනුව ද්විත්ව පුරවැසියන් සඳහා ක්‍රීඩා ආයතනයක කිසිදු තනතුරකට තරග කිරීම තහනම්.

එමනේම ක්‍රීඩා ආයතනයක තනතුරක් දැරීමට ඇති උපරිම වයස් සීමාව ද අවුරුදු 70ක් ලෙස සංශෝධනය වී ඇති අතර බන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් ද පත් කර තිබෙනවා.

එම කමිටුවට විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලිනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන සුනිල් සිරිසේන ඇතුළත් වෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW