පන්සලේ බැඳ තිබූ ගවයන් දෙදෙනා මස්කඩෙන් අවසන් ගමන් ගිය හැටි මෙන්න..

Police spokesman Sri Lanka Police Death
By Aruna Apr 20, 2024 03:12 AM GMT
Report

කොට­විල පොලිස් බල ප්‍රදේ­ශයේ කොට­විල හන්දිය අසල ඉඩ­මක බැඳ තිබූ රුපි­යල් 150,000කට වැඩි වටි­නා­ක­මක් ඇති එළ වැස්සි­යන් දෙදෙ­නකු පසුගිය 17 වැනිදා සොරා­ගෙන ගොස් ඇති බවට කොට­විල පොලි­සි­යට පැමි­ණිල්ලක් ලැබී තිබෙන බව වාර්තා වනවා.

එම පැමි­ණි­ල්ලට අනුව, කොට­විල පොලි­සිය විසින් දෙනි­පි­ටිය, මධු­රා­ගොඩ ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන යන බල­පත්‍ර සහිත ගව ඝාත­කා­ගා­ර­යක් පරීක්ෂා කිරී­මේදී ගව­යන් බැඳී­මට භාවිත කරන කඹ දෙකක් හමුව තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී එම කඹ දෙක කොට­විල විහාරයක ස්වාමීන්වහන්සේ නමකට අයත් තමා විසින් රැක බලා ගන්නා එම වැස්සි­යන් බැඳ තිබූ කඹ බවට පැමිණිල්ල සිදුකළ තැනැත්තා විසින් හඳුනාගෙන ඇත.

පෙර නොහ­ඳු­නන දෙදෙ­නෙකු තමාට එළ වැස්සියන් දෙදෙනෙකු ගෙනැ­විත් රුපියල් 80,000ක මුදලකට තමන්ට අලෙවි කළ බවයි, අනතුරුව ගව ඝාත­කා­ගා­රය හිමි­ක­රුගේ 28 හැවිරිදි පුත්‍රයාගෙන් පොලිසිය සිදුකළ වැඩි­දු­ර­ ප්‍රශ්න කිරී­මේදී ඔහු පවසා ඇත.

ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේ, ඉන්පසුව තමා විසින් එම වැස්සි­යන් දෙදෙනා මෙම ස්ථානයේදී ඝාත­නය කර මස් පිණිස අලෙවි කළ බවයි.

අත්අ­ඩං­ගු­වට ගත් එම සැක­කරු 18 වැනිදා කොට­විල අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කළ අතර, සැක­කරු රුපි­යල් ලක්ෂ­යක ශරීර ඇප මත නිද­හස් කර තිබේ.

කොට­විල පොලි­සිය විසින් මෙම සොරකමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇත.