ලබන 25 වනදා හැමෝම අහස බලන්න..එදාට ඔබ මෙතෙක් නොදුටු දුර්ලභ දෙයක් අහසේ දිස්වෙයි..

NASA TN Weather Weather World Technology
By Aruna Jul 22, 2024 12:47 AM GMT
Report

සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය ජූලි 25 අළුයම ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

මෙය දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් බවයි පැවසෙන්නේ.

ඒ අනුව, ජූලි 25 වනදා පෙරවරු 12.40ට සඳ දෙස බැලීමෙන් එම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබේ.

ජනපති සටනින් ප්‍රධානතම පක්ෂයේ නායකයා ඉවත් වෙයි..එකවරම ගත් හදිසි තීරණය මෙන්න..

ජනපති සටනින් ප්‍රධානතම පක්ෂයේ නායකයා ඉවත් වෙයි..එකවරම ගත් හදිසි තීරණය මෙන්න..


එම සංසිද්ධිය දුරේක්ෂයක් හෝ දුරදක්නයක් ආධාරයෙන් වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාව ඇත.

එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, එක් ආකාශ වස්තුවක් තවත් ආකාශ වස්තුවක් ඉදිරියෙන් ගමන් කිරීම නිසා එහි දර්ශනය අවහිර වීමෙන් මෙවන් සංසිද්ධියක් සිදු වන බවයි.

චන්ද්‍රයා සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස් ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පැවතීම විශේෂත්වයක්.

එම සංසිද්ධිය පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලට පමණක් දැක ගැනීමට හැකියාව ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුවකොළඹ ,යාපනය ,වව්නියාව ,අම්පාර ,ත්‍රිකුණාමලය ,අනුරාධපුරය ,පුත්තලම ,මහනුවර ,බදුල්ල ,බලංගොඩ සහ මාතර දිස්ත්‍රික්ක වලට පැහැදිලිව නිරීක්ෂණය කල හැකිය.

ඔබත් මිථුන, සිංහ,කන්‍යා සහ කුම්භ ලග්නයේ ද?..එහෙනම් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න..

ඔබත් මිථුන, සිංහ,කන්‍යා සහ කුම්භ ලග්නයේ ද?..එහෙනම් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න..


ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ, නැවත වරක් මෙවැනි සංසිද්ධිය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වනුයේ 2037 අප්‍රේල් 24 වැනිදා බවයි.