ස්ථානාධිපතිවරයා සමඟ සිදු කළ පොරබැදීම..(CCTV VIDEO)

Sri Lanka Police Badulla Sri Lanka
By Sewvandhi Oct 13, 2022 01:28 PM GMT
Report

පාරිභෝගික සේවා අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් ස්ථානාධිපතිවරයා සමඟ පොරබදා පැනගිය වෙළෙඳසැල් හිමියකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ගෑස් අලෙවිසැලක හිමිකරුවෙකි. අදාළ අලෙවිසැල තුළ වැඩිමිලට ගෑස් අලෙවිකරණ බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙය සිදුව ඇත.

පොරබැදීම හේතුවෙන් තුවාල ලැබූ වෙළෙඳසැලේ හිමිකරු සහ පාරිභෝගික සේවා අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් ස්ථානාධිපති බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now