නවතම මෝටර් රථ 4000ක් ගිනිබත් වෙයි..!
නෙදර්ලන්ත මුහුදු සීමාවේ ගිනිගනිමින් ඇති අලුත්ම මෝටර් රථ 4,000ක් සමග යාත්රාව වෙනත් ස්ථානයකට ඇදගෙන යෑමට කටයුතු කරන බව එරට බලධාරීන් පවසයි.
එහි අරමුණ වන්නේ එම නැව, නාවික ගමන් මාර්ගයෙන් ඉවතට ගෙනයෑම සහ එය බේරාගත හැකිදැයි සොයාබැලීම බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එම නැව Ameland සහ Schiermonnikoog යන දූපතෙන් කිලෝ මීටර් 16ක් පමණ ඈතකට ඇදගෙන යාමට නියමිතය. නැව තුළ ගින්න හට ගන්නා විට එය ජර්මනියේ සිට ඊජිප්තුව දක්වා ගමන් කරමින් තිබුණි.
පැනමාවේ ලියාපදිංචි එම නෞකාවේ ඉන්දීය ජාතිකයින් 21 දෙනෙක් සේවයේ යොදවා සිටි බවත් අනතුර හේතුවෙන් එක් අයෙක් මියගොස් ඇති බවත් වාර්තා විය.
ජපානයේ Shoei Kisen නම් සමාගම එම නෞකාවේ හිමිකරු ය.
නෞකාවේ මෝටර් රථ 3,783ක් ප්රවාහනය කරමින් තිබෙන බවත් ඉන් 498ක් බැටරි සහිත විද්යුත් මෝටර් රථ බවත් සඳහන් ය.
මුලින් වාර්තා වූයේ නෞකාවේ තිබුණේ විද්යුත් මෝටර් රථ 25ක් පමණක් බවය.