සතියෙන් බර අඩු කරන රහස

Ministry of Health Sri Lanka Weight Loss Healthy Food Recipes
By Wayomi Sep 11, 2022 04:25 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අධික බර නිසා කායිකව වගේම මානසිකවත් පීඩා විඳින අය බොහොමයක් ඉන්නවා. තෙල්, පිටි කනවා, ආයේ busy , ඉතින් බර වැඩි වෙන එක අහන්නත් දෙයක්ද?. මේකට තියෙන හොඳම විසඳුම තමයි ව්‍යායාම කිරීම සහ කෑම පාලනය. හැබැයි ගොඩක් අයට ව්‍යායාම කරන්න තරම්වේලාවක් නැහැ. ඒත් ඔවුන්ට පුළුවන් කෑම වලින් බර අඩු කරගන්න. එහෙම කරලත් වැඩේ හරි නොගිය අය ඉන්නවා. එහෙම වෙන්නේ හරි දැනුමකින් සහ අවබෝධයකින් මේ වැඩේ කරන්නේ නැති නිසා. ඉතින් මේ කියන්න යන්නේ කෑම පාලනය හරියටම තිතටම කරන්නේ කොහොමද කියලා.

පළමු දිනය

? පළමු දිනයේදී කෙසෙල් හැර අනික් ඕනෑම පලතුරු වර්ගයක්, ඕනෑම ප්‍රමාණයකින් ආහාරයට ගන්න පුළුවන්. දවස පුරාම ගන්න ඕන පලතුරු වර්ග විතරයි. ඒ එක්කම වතුර වීදුරු 8 -10 අතර ප්‍රමාණයක් බොන්නත් ඕන. පලතුරු වලින් වැඩිපුරම පැණි කොමඩු හා ඇපල් ආහාරයට ගන්න පුළුවන් නම් මේකෙදි ඉතාම ප්‍රයෝජනවත් වන බවත් කියන්න ඕන.

දෙවන දිනය

? දෙවන දිනයේදී පලතුරු වෙනුවට ආහාරයට ගන්න ඕන එළවලු වර්ග විතරයි. පිසින ලද හෝ අමුවෙන් සකස් කරගත් එළවලු ආහාරයට ගන්න පුළුවන්. ඒ අතරට තම්බන ලද අර්තාපල් බටර් සමඟ මුසු කර ආහාරයට එකතු කර ගන්නත් පුළුවන්. මේකෙන් ඔයාට ශරීරයට අවශ්‍ය වෙන පෝෂණය වගේම ශක්තියත් නොඅඩුව ලබාගන්න හැකියාව තියෙනවා.

තුන් වන දිනය

? තුන් වන දවසේදී ඔයාට පුළුවන් කෙසෙල් සහ අර්තාපල් හැර වෙන ඕනෑම එළවළුවක් හෝ පළතුරක් ආහාරයට ගන්න. හැබැයි එළවලු පලතුරු දෙකම සම සමව තමයි ගන්න ඕන.

හතර වන දිනය

? මෙච්චර දවස් ආහාරයට ගන්න තහනම් කරපු කෙසෙල් හතරවෙනි දවසේ ආහාරයට ගන්න පුළුවන්. දවස පුරාම කෙසෙල් සමඟ කිරිත් අනිවාර්යයෙන් පානය කරන්න ඕනේ. කලින් දවස් වලදී ඔයාගේ ශරීරයට නොලැබුන පොටෑසියම් සහ සෝඩියම් මේකෙන් ඔයාට ලැබෙනවා.

පස්වන දිනය

? පස්වන දිනය වෙනකොට ඔයාට ආහාරයට ගන්න තියෙන්නේ මස් වර්ග. ඒකට හරක් මස්, කුකුල් මස් වගේ මස් වර්ග ගන්න පුළුවන්. තක්කාලිත් මේ එක්කම පුළුවන් තරම් ආහාරයට ගන්න ඕන. මේකෙදි සිදුවෙන්නේ යකඩ සහ ප්‍රෝටීන සිරුරට අවශෝෂණය වීම.

හයවන දිනය

? හයවැනි දිනදී ඔයාට පුළුවන් මස් එක්ක තක්කාලි වෙනුවට ඔයා කැමති ඕනෑම එළවලු වර්ග කීපයක් ආහාරයට එකතු කරගන්න.

හත්වන දිනය

? ආහාර සැලසුමේ අන්තිම දවසේ තමයි ඔයාට බත් කන්න ලැබෙන්නේ. ඒත් කෝප්පයක ප්‍රමාණයක් තමයි කන්න පුළුවන්. බත් එක්ක එළවලු ඇතුළුව ඔයා කැමති ඕනෑම ආහාරයක් ගන්න පුළුවන්. හැබැයි ඒ අතරට පලතුරු යුෂ එකතු කරගන්න ඕන අනිවාර්යයෙන්ම.හැම දවසකම වතුර ලීටර් 6ක් වත් බොන්න ඕන. තේ, කොපි, සෝඩා වගේ දේවලුත් මේ අතරට ගන්න පුළුවන්.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW