ශ්‍රි ලංකාවේ දෙවන විශාලතම සමාගම බවට පත් වූ ටෙලිකොම්.

Sri Lanka
By Wayomi Mar 27, 2023 12:09 PM GMT
Report

අද (27) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව, දෙවැනි විශාලතම සමාගම බවට ශ්‍රී ලංකා ටෙලිකොම්, පත්වුණා.

ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 115 මට්ටමට පැමිණීමත් සමඟ එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 207 සීමාව ඉක්මවීමා යාම හේතුවෙන්.

එය සමස්ත වෙළෙඳපොළෙන් 5%කට වඩා වැඩි අගයක් වන අතර මේ දක්වා මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටි LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඒ අනුව තෙවැනි තැන දක්වා පහළ ගොස් තිබෙනවා.

LOLC සමූහයේ මූල්‍ය සමාගම් වූ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සහ LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් යන සමාගම්, LOLC ෆිනෑන්ස් පීඑල්සී සමඟ ඒකාබද්ධ වීමත් සමඟම, පෙර කී සමාගමේ දෙකෙහි කොටස් ද අනුපාතිකව LOLC ෆිනෑන්ස් පීඑල්සී කොටස් බවට පරිවර්තනය විය.

මේ හේතුවෙන් වර්තමානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් හිමිකම් කියන ඉහළම කොටස් ප්‍රමාණය වූ කොටස් බිලියන 33කට LOLC ෆිනෑන්ස් පීඑල්සී හිමිකම් කියනු ලබනවා.

එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගයයද රු. බිලියන 200 සීමාව ඉක්මවා ගොස් තිබෙන අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී මෙම ලැයිස්තුවේ පළමු තැන ගන්නවා.

සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ. පසුගිය සිකුරාදා (24) වන විට එම වටිනාකම රු. බිලියන 3,985.40 කි.

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 13 පහත පරිදි දැක්විය හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


Gallery