පාසල් නිවාඩුව යළි කල් යයි..අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..
Ministry of Education
A D Susil Premajayantha
G.C.E.(A/L) Examination
Sri Lankan Schools
Education
By Aruna
2023 වසරේ පාසල් 03 වන වාරයේ දෙවන අදියර ලබන 05 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
මෙලෙස කල්යෑමට හේතුවූයේ, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබන 01 වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීමයි.
2023 වසරේ 03 වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 01 වැනිදා ආරම්භ කිරීමට මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබුණා.
නැවත එම විෂය පැවැත්වීමට තීරණය කෙරුණේ, උසස් පෙළ කෘෂි විද්‍යාව එක සහ දෙක ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීම හේතුවෙනි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි 01 වනදා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිත අතර එහි පළමු කොටස එදිනම පස්වරු 01.00 සිට 03.00 දක්වා පැවැත්වීමට නියමිත බවයි.