පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක්..! රජයෙන් පිරිනැමෙන දීමනාවක් ඉහල දැමේ..

Ministry of Education G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination Grade 05 Scholarship examination Sri Lankan Schools
By Sewvandhi Jan 28, 2024 02:39 PM GMT
Report

ජනාධිපති අරමුදල මඟින්, 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමු වරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව ලබන මාසයේ සිට රුපියල් දහසකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා විසින්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් කරන ලද ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

2021/2022 වසරට අදාළව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ජනාධිපති අරමුදල විසින් ශිෂ්‍යත්වලාභීන්ට මේ වන විට මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ගෙවනු ලබන අතර මෙතෙක් මාසික වාරික 10ක් ගෙවා තිබෙනවා

ඒ අනුව ජනාධිපති අරමුදල වෙතින්, ශිෂ්‍යත්ව මුදල ඉහළ නැංවීමත් සමඟ 2024 පෙබරවාරි මාසයේ සිට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් අදාළ ශිෂ්‍යත්වලාභීන් වෙත රුපියල් 6,000ක මාසික දීමනාවක් සැම මසකම පළමු සතිය තුළ පිරිනැමෙනු ඇත.

Sponsored By Sarrita Jewellery

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක්..! රජයෙන් පිරිනැමෙන දීමනාවක් ඉහල දැමේ.. | The Scholarship Amount President S Fund Is Up