රොබෝ යුවතියක් පාර්ලිමේන්තුව අමතයි. (VIDEO)
කෘතීම බුද්ධි නිර්මාණය කිරීම සහ එහි ඵලදායිතාවයන් ඉහළ නැංවීම වෙනුවෙන් ලොව පුරා විද්‍යාඥයන් වෙහෙසෙනවා. ඉතින් මේ කියන්න යන්නෙත් එලෙස නිර්මාණය වූ කෘතීම බුද්ධි රොබෝ යුවතියක් ගැනයි.
?♀️ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කළ කෘතීම බුද්ධි රොබෝ යුවතියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය ඇමතුවා.
?♀️ එලෙස කෘතීම බුද්ධි රොබෝ යුවතියක්, සාමි මණ්ඩලය හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.
?♀️ ‘අයි-ඩා’ යන නමින් හැඳින්වෙන මෙම රොබෝ යුවතිය පෙනී සිටියේ සාමි මණ්ඩලයේ සන්නිවේදන සහ ඩිජිටල් කටයුතු පිළිබඳ කටිමුට හමුවේයි.
?♀️ රොබෝ යුවතිය සාමි මණ්ඩලය අමතමින්, නව තාක්ෂණය නිර්මාණශීලී වන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් අදහස් දක්වූවා.
?♀️ ‘අයි-ඩා’චිත්‍ර ශිල්පිනියක ද වෙනවා. ඇගේ නිර්මාණ, චිත්‍ර ප්‍රදර්ශනවලට ඇතුළත් වෙයි.
?♀️ ‘අයි-ඩා’ පසුගිය කාලයේ ලොව පුරා ජනප්‍රිය වූයේ, ඇය තනිවම ඇගේ කෘතීම බුද්ධි පරිගණක වැඩසටහන ඇසුරින් දෙවැනි එලිසබත් මහ රැජිනගේ රුව සිතුවමට නැගූ බැවිනි. ‘අයි-ඩා’ගේ ඇස් වෙනුවට ඇත්තේ කැමරා දෙකකි.
?♀️ ලොව පළමු, සැබෑ යුවතියකට සමාන පෙනුමැති, කෘතීම බුද්ධිකින් තනිව සිතිය හැකි, මානවරූපී රොබෝ චිත්‍ර ශිල්පිනිය ලෙස සැලකෙන්නේ ද ‘අයි-ඩා’ය.
?♀️ ‘අයි-ඩා’ නිර්මාණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ය.
?♀️ මෙම රොබෝ යුවතිය ‘අයි-ඩා’ යනුවෙන් නම් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ගණිතඥයකු මෙන්ම පරිගණක ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ද වන අයිඩා ලව්ලේස්ට ගරු කරමින්.
?♀️ ‘අයි-ඩා’ගේ ඇස්වලට කැමරා සවි කර ඇති අතර ඇගේ කෘතීම බුද්ධි පරිගණක වැඩසටහන විශේෂ ඇල්ගෝරිදමවලින් නිර්මාණය වූවකි.
?♀️ පෙනුමෙන් සැබෑ යුවතියක වුවත්, මානවරූපී කෘතීම බුද්ධි රොබෝවකු වුවත්, ‘අයි-ඩා’ ට තනිවම ඇවිදීමට හැකියාවක් නොමැති අතර ඇය හැසිරවීම සිදුකරන්නේ ඇගේ නිර්මාණකරුවන් විසිනි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |