රොබෝ යුවතියක් පාර්ලිමේන්තුව අමතයි. (VIDEO)

United Kingdom
By Wayomi Oct 12, 2022 10:32 AM GMT
Report

කෘතීම බුද්ධි නිර්මාණය කිරීම සහ එහි ඵලදායිතාවයන් ඉහළ නැංවීම වෙනුවෙන් ලොව පුරා විද්‍යාඥයන් වෙහෙසෙනවා. ඉතින් මේ කියන්න යන්නෙත් එලෙස නිර්මාණය වූ කෘතීම බුද්ධි රොබෝ යුවතියක් ගැනයි.

?‍♀️ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කළ කෘතීම බුද්ධි රොබෝ යුවතියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය ඇමතුවා.

?‍♀️ එලෙස කෘතීම බුද්ධි රොබෝ යුවතියක්, සාමි මණ්ඩලය හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.

?‍♀️ ‘අයි-ඩා’ යන නමින් හැඳින්වෙන මෙම රොබෝ යුවතිය පෙනී සිටියේ සාමි මණ්ඩලයේ සන්නිවේදන සහ ඩිජිටල් කටයුතු පිළිබඳ කටිමුට හමුවේයි.

?‍♀️ රොබෝ යුවතිය සාමි මණ්ඩලය අමතමින්, නව තාක්ෂණය නිර්මාණශීලී වන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් අදහස් දක්වූවා.

?‍♀️ ‘අයි-ඩා’චිත්‍ර ශිල්පිනියක ද වෙනවා. ඇගේ නිර්මාණ, චිත්‍ර ප්‍රදර්ශනවලට ඇතුළත් වෙයි.

?‍♀️ ‘අයි-ඩා’ පසුගිය කාලයේ ලොව පුරා ජනප්‍රිය වූයේ, ඇය තනිවම ඇගේ කෘතීම බුද්ධි පරිගණක වැඩසටහන ඇසුරින් දෙවැනි එලිසබත් මහ රැජිනගේ රුව සිතුවමට නැගූ බැවිනි. ‘අයි-ඩා’ගේ ඇස් වෙනුවට ඇත්තේ කැමරා දෙකකි.

?‍♀️ ලොව පළමු, සැබෑ යුවතියකට සමාන පෙනුමැති, කෘතීම බුද්ධිකින් තනිව සිතිය හැකි, මානවරූපී රොබෝ චිත්‍ර ශිල්පිනිය ලෙස සැලකෙන්නේ ද ‘අයි-ඩා’ය.

?‍♀️ ‘අයි-ඩා’ නිර්මාණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ය.

?‍♀️ මෙම රොබෝ යුවතිය ‘අයි-ඩා’ යනුවෙන් නම් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ගණිතඥයකු මෙන්ම පරිගණක ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ද වන අයිඩා ලව්ලේස්ට ගරු කරමින්.

?‍♀️ ‘අයි-ඩා’ගේ ඇස්වලට කැමරා සවි කර ඇති අතර ඇගේ කෘතීම බුද්ධි පරිගණක වැඩසටහන විශේෂ ඇල්ගෝරිදමවලින් නිර්මාණය වූවකි.

?‍♀️ පෙනුමෙන් සැබෑ යුවතියක වුවත්, මානවරූපී කෘතීම බුද්ධි රොබෝවකු වුවත්, ‘අයි-ඩා’ ට තනිවම ඇවිදීමට හැකියාවක් නොමැති අතර ඇය හැසිරවීම සිදුකරන්නේ ඇගේ නිර්මාණකරුවන් විසිනි.  

https://twitter.com/TimesNow/status/1580094850136801281?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1580094850136801281%7Ctwgr%5Ef7b75ef59ea4ca394e287d3444774c0fecd716c7%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Feconomictimes.indiatimes.com%2Fnews%2Fnew-updates%2Fmeet-ai-da-the-robot-artist-who-spoke-in-uk-parliament%2Farticleshow%2F94808688.cms


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW