ලෝකෙම කතාවට ලක්වුණු පාප් වහන්සේගේ ක්‍රියාව - (PHOTOS)

Easter Pope Francis Italy Latest Headlines
By Sewvandhi Mar 29, 2024 04:25 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

මේ කිතුණු බැතිමතුන්ට ගොඩක් විශේෂ වුණ කාලයක්.. මහා බ්‍රහස්පතින්දා , මහා සිකුරාදා වගේම පාස්කු ඉරිදා යෙදෙන මෙම සමය ඔවුන් වඩාත් ආගම, දහමට ලැදිව ජීවත් වෙන කාලයක්...

මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සමගාමීව ඊයේ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් රෝමයේ බන්ධනාගාරයක කාන්තා සිරකරුවන් 12 දෙනෙකුගේ පාද දෝවනය කර තිබෙනවා..

මහා බ්‍රහස්පතින්දා වාර්ෂික දේව මෙහෙයක් අතරතුර දී, පාප් වහන්සේ විසින් කාන්තාවන්ගේ පමණක් පාද දෝවනය කළ පළමු අවස්ථාව ලෙසයි, විදෙස් මාධ්‍ය එම පුවත වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් 87හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක පසු වෙද්දීත් රෝමයේ රෙබිබියා බන්ධනාගාරයේ මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයට මෙලෙස සහභාගි වී තිබෙනවා..

පාද සේදීමේ චාරිත්‍රය ජේසුස් වහන්සේ මිය යාමට පෙර රාත්‍රියේ ඔහුගේ ගෝලයින්ගේ පාද සේදීම එමඟින් සංකේතවත් කරනු ලබන අතර, පාස්කු ඉරිදාට පෙර බ්‍රහස්පතින්දා මෙය සිදුවනවා.

GalleryGallery