දුම්රිය ප්‍රවේශපත්‍ර අහෝසි වීමට සහ ගාස්තු වැඩි වීමට හේතුව හෙළි වෙයි.

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By Wayomi Sep 23, 2023 05:29 PM GMT
Report

සියලුම දුම්රිය ගාස්තු වැඩිවීමක් සහ සියලුම වාර ප්‍රවේශපත්‍ර අත්හිටුවීමක් සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම හේතුවෙන්.

දැනට රුපියල් විස්සක්ව පවතින අවම ගාස්තුවේ සිට සියලුම දුම්රිය ගාස්තු බස් ගාස්තුව හා සමානව හෝ ආසන්න ප්‍රතිශතයකින් වැඩි කිරීමට යෝජනා වී ඇත.

එලෙස යෝජනා වී ඇත්තේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී දුම්රිය ප්‍රධානීන්, දුම්රිය වෘත්තිය සමිති හා පැවැති සාකච්ඡාවකදීයි.

මේ අතර වාර ප්‍රවේශපත්‍ර සහනයද අත්හිටුවීමෙන් විශාල ආදායමක් දුම්රිය අධිකාරියට ලබා ගැනීමට හැකි බවත් ඒ ආදායම මගින් දුම්රිය සේවකයින්ගේ වැටුප් ගෙවීමට කටයුතු කිරීමටත් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

දහනව දහසක පමණ දුම්රිය සේවකයන් පිරිසකට වැටුප් හා දීමනා ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන ආදායම ප්‍රමාණවත් නොවීමත් ඒ සඳහා මුදල් වෙන් කිරීම අසීරු බව, මහා භාණ්ඩාගාරය දැනුම් දී තිබීමත් සමඟ මෙම කරුණු යෝජනා වී ඇත.