ලංකාවෙම ආන්දෝලනයකට ලක් වුණ, ළමයින්ට පොලිතින් කැව්ව විදුහල්පතිට සිදු වුණ දේ..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Sri Lankan Schools
By krishani
පසුගියදා ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් 05 දෙනෙකුට එහි විදුහල්පතිවරයා විසින් පොලිතින් කැවූ පුවතක් පිළිබඳ තොරතුරු වාර්තා වීය.
එම සිද්ධියේ සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඊයේ (28) අදාළ විදුහල්පතිවරයාව නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැණින.
ඒ අනුව ඔහුව අද (29) නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවීර හමුවට ඉදිරිපත් කෙරිණ.
එහිදී සැකකර විදුහල්පතිවරයාව ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
කෙසේ වෙතත්, මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නාවලපිටිය පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් ය.