උත්සව සමයේ රසකැවිලි මිලත් අහස උසට..

Sinhala and Tamil New Year Sri Lanka Sri Lanka Food Crisis
By krishani Apr 11, 2023 09:11 AM GMT
krishani

krishani

in ආහාර
Report

උත්සව සමයත් සමග වෙළදපලෙහි රසකැවිලි මිල ගණන් ඉහල ගොස් ඇත.

ඒ රසකැවිලි නිෂ්පාදනයට යොදා ගන්නා සීනි, පොල්තෙල්, මුං ඇට, පොල් ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ය.

ඒ අනුව පෙර වසරවල රුපියල් 40ත් 60ත් අතර මිලකට අලෙවි වූ කැවුමක මිල මේ වන විට රුපියල් 60ත් 100ත් දක්වා ඉහළ දමා ඇත.

කොකිස් රස කැවිලක මිල ද රුපියල් 30 දක්වා ද ආස්මියක මිල රුපියල් 120 දක්වා ද මිල ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම උදු පිටිවල මිල ඉහළ යාම හේතුවෙන් පැණි වළල්ලක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join