වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ රැසක මිල පහත දමයි..එම ලැයිස්තුව මෙන්න..

Lanka Sathosa Economy of Sri Lanka Businessman
By Aruna Sep 20, 2023 07:03 AM GMT
Report

ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව, පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැකි වනවා.

මේ අනුව, මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වේ.

සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580ක්.

දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර නව මිල රු 290ක්.

හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර නව මිල රු 1,100ක්.

සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර, නව මිල රු 620කි.

ලොකුළූනු කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 195කි.

රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299කි.

මීට පෙරත් අවස්ථා ගණනාවකදී ලංකා සතොස මගින් භාණ්ඩ රැසක මිල අඩු කිරීමක් කරනු ලැබූ අතර, අවසන් වරට මිල අඩු කිරීමක් කරනු ලැබුවේ 2023 අගෝස්තු මස 17 වනදායි.

එදින පහත හෙළනු ලැබූ භාණ්ඩ සහ මිල ගණන් වූයේ,

එල්එස්එල් ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රු. 979 දක්වා රු. 29 කින්ද,

සෝයාමීට් කිලෝවක තොග මිල රු. 625ක් දක්වා රු. 25කින් ද,

තායි හාල්මැස්සන් කිලෝවක මිල රු. 1160 දක්වා රු. 15ක් ද,

බාස්මතී හාල් කිලෝවක මිල රු. 675ක් දක්වා රු. 15කින් ද,

දුඹුරු සීනි කිලෝවක මිල රු. 350 දක්වා රුපියල් දහයකින් ද,

රතු කැකුළු සහල් කිලෝවක මිල රු. 147ක් දක්වා රු. 2 කින් ද වශයෙනි.

එසේම දේශීය අර්තාපල් කිලෝවක් රු. 325 දක්වාද,

කඩල කිලෝවක් රු. 555ක් දක්වා ද,

සුදු ලූනු කිලෝවක් රු. 630ක් දක්වා ද

 කිලෝවකට රු. 5 බැගින් මිල ගණන් අඩුකරනු ලැබීය.

මේ අනුව, අද දිනයේ අඩු කළ මිල ගණන් ඇතුලත් නිවේදනය පහතින් දැක්වේ,


Gallery