පොළොස් ගැටේ මිලත් ඉහළට.

Vegetables Vegetables Price Vegetable Price Today Sri Lanka Market
By Wayomi Jan 30, 2024 09:42 AM GMT
Report

එළවළු මිල ඉහළ යත්ම දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පොළොස් ගෙඩියක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් කිලෝවක තොග මිල රුපියල් 1580 ක් දක්වාද මිරිස් කිලෝවක මිල රුපියල් 1000 ත් 1100 ත් දක්වාද, අමු මිරිස් කිලෝවක් රුපියල් 1100 ත් 1150 ත් අතර මිලක් දක්වාද, බෝංචි කිලෝව රුපියල් 600 ත් 900 ත් අතර මිලක් දක්වාත් ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොළොස් ගැටේ මිලත් ඉහළට. | The Price Of The Polos Is Also High

එමෙන්ම විදේශීය රටවලින් ගෙන්වන ලද ලොකු ළූණු සහ අර්තාපල් මිල පහත වැටී ඇති බවද ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සී.එස්. සිරිවර්ධන සඳහන් කර සිටියා.

ඒ අනුව විදේශ රට වලින් ගෙන්වන ලද අර්තාපල් කිලෝව රුපියල් 150 සිට 200 දක්වා මිල ගණන් යටතේ අලෙවි වන බවත්, විදේශීය රටවලින් ගෙන්වන ලද ලොකු ළූණු කිලෝවක් රුපියල් 300 ත් 320 ත් අතර මිලකට අලෙවි වන බවයි වෙළඳන් පවසන්නේ.

                                                                                  Sponsored By Sarrita Jewellery

පොළොස් ගැටේ මිලත් ඉහළට. | The Price Of The Polos Is Also High