හෙට සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල පහලට.. සම්පූර්ණ මිල ලැයිස්තුව මෙන්න..(PHOTO)
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහල දැමීමට තීරණය කර ඇත.
ඒ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ය.
ඒ අනුව පහත සඳහන් භාණ්ඩවල මිල පහත දැමෙනු ඇත.
දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස ඇලවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට හෙට (25) දින සිට ලබාගත හැකිය.
ඒ අනුව කිරිපිටි 400g පැකට්ටුවක පැවති මිල රුපියල් 950ක් වු අතර නව මිල රුපියල් 910කි වේ.
මුං ඇට කිලෝවක පැවති මිල රුපියල් 998ක් වූ අතර නව මිල රුපියල් 965ක් වේ.
හාල්මැස්සන් කිලෝවක පැවති මිල රුපියල් 978 වූ අතර නවමිල රුපියල් 950කි.
එමෙන්ම, ඉන්දියානු ලොකු ලුණු කිලෝවක පැවති මිල රුපියල් 305ක් වූ අතර නව මිල රුපියල් 285ක් වේ.
තව ද, කඩල කිලෝවක පැවති මිල රුපියල් 455ක වූ අතර නව මිල රුපියල් 444කි.
පාන් පිටි කිලෝවක පැවති මිල රුපියල් 190 ක් වූ අතර නව මිල රුපියල් 185කි.
එමෙන්ම, සුදු සීනි කිලෝවක පැවති මිල රුපියල් 263ක් වූ අතර නව මිල රුපියල් 258කි.
මේ අතර, සුදු කැකුළු සහල් කිලෝවක පැවති මිල රුපියල් 204 ක් වූ අතර නවමිල රුපියල්199ක් වේ.
කෙසේ වෙතත්, පාකිස්ථාන ලොකු ලුණු කිලෝවක මිල රුපියල 190ක් වූ අතර නව මිල රුපියල් 185ක් වේ.