සියයට 400කින් වැඩිවූ භාණ්ඩ වර්ග කීපයක නව මිල ගණන් මෙන්න..වහාම මේගැන අවධානය යොමුකරන්න.

Sri Lanka Businessman
By Aruna Oct 26, 2022 07:51 AM GMT
Report

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ භාණ්ඩවල මිල ගණන් එම සමාගම්වලින් අසීමිත ලෙස ඉහළ දමා ඇති බව ත් රාජ්‍ය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් නිහඬව බලා සිටින බව ත් ජාතික ඉදිකිරීම් සේවක සංගමය චෝදනා කරයි.

පින්තාරු අමුද්‍රව්‍යවල මිල සියයට 400කින් ඉහළ ගොස් ඇති බවත් රුපියල් 750 තිබූ තීන්ත ලීටරයක මිල මේ වනවිට රුපියල් 4,215ක් වී ඇති බව ද එම සංගමය සඳහන් කරයි.

රුපියල් 960ට තිබූ සිමෙන්ති කොට්ටයක මිල මේ වනවිට රුපියල් 2,820ක් බවත් රුපියල් 850ට තිබූ වෑල්ඩින් කූරු පැකට් එකක මිල රුපියල් 2,600ක් බව ද එම සංගමය කියා සිටී.

රුපියල් 3,500ට තිබූ අ(ර්)ත් වයර් රෝලක මිල මේ වනවිට රුපියල් 19,500ක් බව ත් එම සංගමය සඳහන් කරන අතර මේ ඔස්සේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නියැළෙන පිරිස් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව ද එම සංගමය වැඩිදුරට ත් සඳහන් කරයි.

මීට අවමතරව ටයිල් වර්ග ඇතුලු බාත්රූම් වලට අවැසි සියලුම උපකරණ මිලද අධික ලෙස ඉහල ගොස් තිබේ.

පාලනයකින් තොරව මෙම භාණ්ඩ වල මිල ඉහළ දැමීම නිසා මෙම භාණ්ඩ වර්ග අලෙවිකරණ ව්‍යාපාරිකයින් අධික ලාභයක් ඉපයීමද මේ වන විට වෙළඳ පොල තුල බහුලව දක්නට ලැබේ.

හිතුමතේ මිල වැඩි කරමින් පාරිභෝගිකයින්ට භාණ්ඩ අලෙවිකරණ වෙළඳුන්ට දැන්වත් නීතිය ක්‍රියාත්මක කරන්නට පාරිභෝගික අධිකාරිය ක්‍රියා නොකරන්නේ මන්ද?

මෙලෙස අධික ලෙස මිල ඉහළ යාම පාරිභෝගිකයින්ට දරාගැනීමට නොහැකි තත්ත්වයක් තුළ මෙම භාණ්ඩ වර්ග වල මිල අඩු කිරීමට අදාල අංශ වල වගකිවයුතු බලධාරීන් ක්‍රියා නොකරන්නේ මන්දැයි ප්‍රශ්නාර්ථයකි.

තවමත් පාරිභෝගික ජනතාව අධික ලෙස ඉහළ ගිය මෙම භාණ්ඩ වල මිල අඩුවේයැයි දැඩි අපේක්ෂාවෙන් බලා සිටී.

දැන්වත් මේ ගැන බලධාරීන්ගේ ඇස් ඇරේවා.!!


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now