දුම්වැටි මිලත් වැඩිකරයි?..මෙදාපාර තනි දුම්වැටිය විකිණීමත් තහනම්..

Business Mobile Sri Lanka
By Aruna Nov 03, 2022 02:20 AM GMT
Report

දුම් පානය කරන්නන් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් එළඹෙන අයවැයේ දී දුම්වැටියක මිල මිල සූත්‍රයට අනුව වැඩි කරන ලෙස එළඹෙන අයවැයට යෝජනා කර ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

මෙරට සිල්ලරට තනි දුම්වැටි අලෙවිය නතර කර දැමිය යුතු බවට ද යෝජනා කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම මෙරට දුම්පානය කරන වැඩිහිටියන්ගෙන් 51%ක් ඉන් වැලකිය යුතු බවට විශ්වාස කරන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now