නැතුවම බැරි ලොකු ළුෑණු වලට ආයෙත් මොකක්ද මේ වෙන්න යන්නේ?..

Vegetables Vegetables Price Latest Headlines Decision Making Vegetable Price Today
By krishani Mar 12, 2024 09:59 AM GMT
krishani

krishani

in ආහාර
Report

මේ වන විට ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

නැතුවම බැරි ලොකු ළුෑණු වලට ආයෙත් මොකක්ද මේ වෙන්න යන්නේ?.. | The Price Of Big Onions In Sri Lanka

එවන් ඉහළ ගොස් ඇති පසුබිමක වෙළෙඳපොළේ ලොකු ළුෑණු හිඟයක් පවතින බවත් එහි මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවත් පාරිභෝගිකයින් පෙන්වා දෙයි.

මේ අතර, රජය විසින් මැදිහත් වී ඉන්දියාවෙන් ලොකු ළුෑණු ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේ දී ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 1,000 දක්වා ඉහළ යා හැකි බව ලොකු ළුෑණු ආනයනකරුවන් පෙන්වා දෙනු ලබයි.

ඉන්දියාවට අමතරව පාකිස්ථානය ද මේ වන විට ලොකු ළුෑණු අපනයනය සීමා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දියාව මේ මස අවසන් වීමට පෙර අදාළ තහනම පිළිබඳව යළි සළකා බැලීමට නියමිත බව වාර්තා වේ.