ජනපති නිල සංචාරයක.. - වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනෙක් පත් කරයි. (PHOTO)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (21) දින අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
සිය සංචාරයේ දී ජනාධිපතිවරයා සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකොබ් (Halimah Yacob) මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං (Lee Hsien Loong), සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් (Ng Eng Hen), තිරසර බව හා පරිසරය පිළිබඳ ඇමතිනි ග්‍රේස් ෆු හායි ඉයෙන් (Grace FU Hai yien) යන මහත්ම මහත්මින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
පැරිස් ගිවිසුමේ 06 වගන්තිය මඟින් ජාත්‍යන්තර කාබන් වෙළෙඳාම යටතේ හරිතාගාර වායු ටිමෝචනය අඩු කිරීම අරමුණු කර ගනිමින් ලාභදායී අයුරින් සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව ලබා දී ඇති අතර, ඒ අනුව පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගිතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන සාකච්ජාවෙන් අනතුරුව අත්සන් තැබීමට නියමිතය
මෙම සංචාරයට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. එස්. සමරතුංග යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමග එක් වෙයි.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවසිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩි බලන අමාත්‍යවරු සිව් දෙනෙක් පත් කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින හෙට (21) සහ අනිද්දා (22) දින වලට අදාළ වන පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සේමසිංහ මහතා වැඩ බලන මුදල්, ආර්ථික ස්ථායී කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩ බලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩ බලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස ද පත් කර ඇත.
