දුප්පතුන් කරන පොහොසතුන් නොකරන දේවල්.

By Wayomi Sep 14, 2022 07:05 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සාමාන්‍යයෙන් සමාජයක් තුළ ධනවතුන් සහ දුප්පතුන් කියලා දෙගොල්ලක් ඉන්නවා. මේවාට වාසනාව , ලැබීම් වගේම සරල සහ සංකීර්ණ හේතූන් රැසක් තියෙනවා. ඉතින් මේ කියන්න යන්නේ ධනවතුන්ගේ දියුණුවේ රහස සහ දුප්පතුන් එකම තැන සිටිමට හේතු මොනවද කියලා. කෙටියෙන්ම කියනවා නම්, දුප්පතුන් ලෙස සමාජය තුළ හඳුනාගත හැකි පිරිස විසින් සිදුකරන සහ පොහොසතුන් විසින් නොකරන දේවල් කිහිපයක් ගැනයි.

වැඩි කාලයක් රූපවාහිනියළඟරැඳීම.

⛳ රූපවාහිනී ඉදිරිපිට ගෙවා දමන ,නාස්ති කරන කාලය වැඩි සහ අඩුවීම මත පොහොසතුන් සහ දුප්පතුන් වීම තීරණය වෙනවා.

⛳ නිසි අරමුණු සහ ඉලක්ක සහිත ,සාර්ථක ඉදිරි අනාගතයක් පිළිබඳව බලාපොරොත්තු ඇති අයෙකුට රූපවාහිනී තිරය ඉදිරිපිට නිකරුණේ ගෙවාදැමීමට තරම් කාලයක් නැහැ.


ක්ෂණික ආහාර රටාව

⛳ ක්ෂණික ආහාර රටාවකට ඇබ්බැහිව කටයුතු කිරීම ඔබේ සෞඛ්‍යයට මෙන්ම පසුම්බියට ද හිතකර නැහැ.

⛳ පහසුව ,ආහාර සැකසීමට ඇති මැළිකම යනාදී විවිධ හේතු නිසාවෙන් ක්ෂණික ආහාර ගැනීමට බොහෝ දෙනා යොමු වෙලා තියෙනවා.

⛳ සමහරු තමන්ට සල්ලි තියෙන බව අඟවන්න ලොකු ලොකු තැන් වලට ගිහන් විනෝද වෙනවා, කනවා බොනවා.

⛳ නමුත් එයින් ඔබටත් නොදැනීම විශාල මුදලක් වියදම් වෙනවා.

⛳ එමෙන්ම ක්‍රමයෙන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන අතරම අවසානයේ ඒ වෙනුවෙන් ඊට වඩා මුදලක් වියදම් කරන්න සිදු වෙනවා.

⛳ හැබැයි ධනවත් පුද්ගලයන් නිතරම හිතන්නේ තමන්ගේ යහපත් සෞඛ්‍ය තත්වය ගැන පමණයි. මොකද ඔවුන් තීරණ ගන්නේ ලෙඩ වෙලා කරන වියදම් සහ නාස්ති වන කාලය සහ අවස්ථාවන් ගැන හිතමින්.


ප්‍රවණතාවය සහ වැඩි විකුණුම් මත පමණක් ඇඳුම් ,භාණ්ඩ මිලදී ගැනීම

⛳ අවශ්‍යතාවය පසෙකලා වැඩි ප්‍රවණතාවය සහ වැඩි විකුණුම් සහිත භාණ්ඩ පමණක් මිලට ගැනීමට ධනවත් බව මවාපාන දුප්පතුන් පෙලඹෙනවා.

⛳ ඔවුන් රූපවාහිනිය තුළ නිතර නිතර දකින නිෂ්පාදන මිලට ගැනීමට වැඩි ඇල්මක් දක්වනවා.

⛳ නමුත් ධනවතුන් ඇඳුමෙන් පැළඳුමෙන් පවා ඉතාමත් සරලයි. වැඩි මිලට ඇඳුමක් මිලදී ගත්තත් ඔවුන් හොඳම තේරීමක් සිදු කරනවා. ඔවුන්ගේ නිරන්තර වියදම් අවමයි. අත්‍යවශ්‍ය දේට පමණක් තමන්ගේ වියදම් සීමා කිරීමට උත්සහ කරනවා.


දිනපතාම පමාවී අවදි වීම 

⛳ දුප්පත් අය තුළ දැකිය හැකි දුර්වලතාවය නම් පමාවී අවදි වීමත් වැඩි කාලයක් නින්ද වෙනුවෙන් වැය කිරීමත්ය.ඒ නිසාම ඔවුන්ටත් නොදැනීම නිකරුණේ ලොකු කාලයක් අපතේ යනවා.

⛳ කාලය කළමනාකරණය කරගැනීමේ කුසලතාවය නිරායාසයෙන්ම ඔබ සතුව පවතියි නම් ඔබට ඇති ප්‍රශ්න රැසකට විසඳුම් ඒ තුළ පවතිනවා.

⛳ ලොව ධනවතුන් ලෙස නම් දැරූවන් නිකරුණේ කාලය වැය නොකළ අයයි.උදෑසනින්ම අවදිවීම ඔවුන්ගේ සාර්ථකත්වයේ එක් රහසකි.


අනවශ්‍ය ලෙස ක්‍රීඩාවටම යොමුවීම

⛳ ක්‍රීඩාව සෞඛ්‍යයට හිතකරයි.

⛳ නමුත් ඔබ වෘත්තියක් ලෙස ක්‍රීඩාව තෝරා නොගෙන ඇති මොහොතක අනවශ්‍ය ලෙස ක්‍රීඩාවට ඇබ්බැහිව සිටීම එතරම් හිතකර නැහැ.


පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව අඩු අවධානය 

⛳ දුප්පතුන් තුළ බාහිර පෙන්වීම් සඳහා පමණක් වැඩි අවධානයත්, පුද්ගලික සනීපාරක්ෂාව කෙරෙහි ඇති අවම අවධානයත් සුලබව දකින්න ලැබෙනවා.

⛳ පුද්ගලික සෞඛ්‍ය කෙරෙහි ඔවුන්ට ඇත්තේ අඩු තක්සේරුවකි.


අවාසනාව යැයි නිරන්තර දොස් පැවරීම

⛳ දුප්පතුන් තමාගේ නොහැකියාව ,වුවමනාවක් නොමැතිකම ,අරමුණක් නොමැතිකම නොව තම අසාර්ථකත්වයන්ට හේතුවට අන් අයට චෝදනා කරනවා, දොස් පවරනවා.

⛳ ඇතැම්විට ඒ තමාගේම අවාසනාව යැයි චෝදනා කරගන්නා අවස්ථාවන්ද තියෙනවා.

⛳ ලොව දිනූ ජයග්‍රාහකයින් කිසිදා එලෙස චෝදනා කරන්නේ නැහැ.

⛳ තමාට වරදින තැන අහියෝගයක් කරගෙන, වැරදීම් තුළින් ඉගෙනගත්තා මිස අවාසනාව විශ්වාස කළේ නැහැ.


මුදල් ඉතිරි කර නොතිබීම

⛳ දුප්පතුන් මේ මොහොතේ පමණක් ජීවත්වීම මොවුන්ගේ ඇති විශාල දුර්වලතාවයකි.

⛳ ඉතිරි කිරීමේ පුරුද්ද ,ආයෝජනය කිරීම ඔවුන්ට වැඩක් නැහැ.වියදම පමණයි ප්‍රධාන තැන ගන්නේ.

⛳ ඒ නිසාම ඔවුන් හදිසි අවස්ථාවන්වලදී දරාගත නොහැකි ණය උගුල්වල පැටලීමද දකින්න ලැබෙනවා.


ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කිරීම සහ නිකරුණේ ණය ගැනීම

⛳ දුප්පතුන් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කිරීම විලාසිතාවක් පමණක් කරගැනීමත් , එයින් වන අනිසි තත්වයන් පිළිබඳව ඇති භයානකම පිළිබඳව නොදැනුවත්කමත් නිසා අනවශ්‍ය කරදර වල පැටලෙනවා.

⛳ එමෙන්ම ඉතා කුඩා කුඩා ප්‍රමාණවලින් ගන්නා වැඩි පොලී ණය ලේසියෙන් ගොඩ ආ නොහැකි අගාධයකට තල්ලු කරනවා.

⛳ ණය ගැනීම යනු අහිතකර දෙයක් නෙවෙයි.නමුත් ඊට නිසි ක්‍රමවේදයක් ,සැලසුමක් තිබිය යුතුය.දැනුවත් බවක් තිබිය යුතුය.ලබාගත් ණය අදාළ කාලය තුළ පියවීමට නිසි සැලසුමක් තිබිය යුතුයි.


වැඩි දරුවන් සහ ඔවුන්ගේ ජීවිතය පිළිබඳව අඩු නැඹුරුතාවය 

⛳ දුප්පතුන් ලෙස හඳුනාගත හැකි පිරිස් වෙසෙන පවුල් තුළ පවුල් සැලසුමක් නොමැතිව වැඩි දරුවන් ප්‍රමාණයක් හදනවා.

⛳ එමෙන්ම ඔවුන්ගේ අනාගතය ,අධ්‍යාපනය පිළිබඳව නිසියාකාර සැලසුම් යොදන්නේ නැහැ.


යමක් ලබා ගැනීමට පෙර මුදල් වියදම් කිරීම

⛳ දුප්පතුන් දෙයක් ලැබීමට පෙර ඒ වෙනුවෙන් වියදම් කිරීම බහලව දකින්න ලැබෙනවා.

⛳ නිසි ප්‍රයෝජනයක් නොලැබෙන තත්ත්වයක් තුළ වුවත් අනිසි ලෙස කෙරෙන වියදම් වැඩිය.

⛳ ඒ, නිසාම අසාර්ථකත්වය මිස එවැනි තත්වයන් තුළ සාර්ථකත්වයක් බලාපොරොත්තු විය නොහැකියි.

⛳ ප්‍රතිලාභයක් ලැබෙන බව නොපෙනෙන තැන කිසිදු වියදමක් නොකර සිටීම ධනවතුන්ගේ ගුණාංගයක්.


තම පංතිය සමඟම ගැවසීම

⛳ ඔබ නිරන්තරයෙන්ම ගැවසෙන සමාජය සෘණාත්මක ආකල්ප දරන එකක් නම් ඔබ ද සෘණාත්මක ආකල්ප සහිත අයෙක් වීමේ ප්‍රවණතාවය වැඩිය.

⛳ ඔබට අවශ්‍ය සාර්ථක වෙනසක් නම් ඔබ වටා සිටින පුද්ගලයන් වෙනස්කිරීමත් සිදුවිය යුතුමය. 13) කිසිවිටෙකත් තමන්ගේ අදහස් හෝ හැකියාවන් පිළිබඳව නිසි තක්සේරුවක් නොතිබීම

⛳ දක්ෂතා ,හැකියා තිබියදීත් ඒවාට අඩු වටිනාකමක් දෙමින් තවත් අයෙක් සමඟ තමාවම සැසඳීම දුප්පතුන් කරන ලොකු වැරැද්දක්.

⛳ හැකියාව තුළින් ඉදිරියට යාමට කිසිවිටෙක උත්සාහ නොකරයි.

⛳ අලුතින් යමක් ඉගෙනීමට හෝ පෙළඹීමක් දැකිය නොහැකිය.


තමන්ට ඉහළට යාමට අන් අය උපකාර කළ යුතු බව විශ්වාස කරයි

⛳ දුප්පතුන් සිතන්නේ තම උත්සාහය හෝ කැපවීම නොව තමන්ගේ සාර්ථකත්වය උදෙසා අන් අය උපකාර කළ යුතුය ,අන් අය වෙහෙසිය යුතු බවයි.

⛳ ඒ නිසා සෑම අසාර්ථක වන අවස්ථාවකදීම අන් අයට චෝදනා කිරීමට ඔවුන් කිසිවිටෙකත් පසුබට වෙන්නේ නැහැ.

⛳ එමෙන්ම තමන්ගේ සාර්ථකත්වය පවතින්නේ තම උත්සාහය සහ කැපවීම මත බව ඔවුන් කිසිවිටෙකත් වටහා නොගනියි.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW