තරුණයෙකුට අතවර කළ පොලිස් නිලධාරියාට වැඩ වරදියි.

Sri Lanka Police Sri Lanka
By Wayomi Jul 06, 2023 10:14 AM GMT
Report

20 හැවිරිදි තරුණයෙක් හට මත්පැන් පොවා අතවරයක් කළ පොලිස් සැරයන්වරයෙකු ඌවපරණගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණු අතර මීට මාසයකට පමණ පෙර අඹගස්දෝව ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර මෙය සිදුවීම සිදු වී ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.