පොලිස් උපාය දූතිකාවටත් ලිංගික අතවරයක්.
Sri Lanka Police
By Wayomi
ළමා හා කාන්තා හිංසනයන් ගැන සෙවීමට බස් රථයට නැඟි පොලිස් උපාය දූතිකාවකටත් ලිංගික අතවර සිදු වූ පුවතක් වාර්තා වෙනවා.
අදාල සැකකරු අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කරනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුනේ, වැලිමඩ ප්රදේශයේ පදිංචි පෞද්ගලික ආරක්ෂක සේවයේ නියුතු වයස අවුරුදු 44ක පුද්ගලයෙක්.
රටපුරා ක්රියාත්මක කෙරෙන යුක්තිය මෙහෙයුමට සමගාමි ව පොදු ප්රවාහන සේවාවන් හරහා ගමන් කරන කාන්තාවන්ට හා බාල වයස්කාර දරුවන්ට සිදු වන ලිංගික අතවර වැළැක්වීමේ අරමුණෙන් ක්රියාත්මක මෙහෙයුම අතර දී සැකකරු අත්අඩංගුවට ගැනුනා.