ලොවම පුදුම කරමින් බ්‍රහස්පති ග්‍රහයා මත පුදුමසහගත එළියක්..!
Astrology
By Sewvandhi
නාසා අභ්‍යවකාශ යානයක් මගින් බ්‍රහස්පති ග්‍රහලෝකයේ උත්තර ධ්‍රැවයට ආසන්නයෙන් හරිත (කොළ පැහැ) ආලෝකයක් ඇති බවට සොයාගෙන ඇත.
විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ බ්‍රහස්පති ග්‍රහයා තුළ ඇති සුළි කුණාටුවකදී ඇතිවන අකුණු පහරක් කොළ පැහැයෙන් ඡායාරූප ගත වී ඇති බවයි.
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පති ග්‍රහයා එහි ඇතිවන දැවැන්ත කුණාටු සඳහා ප්‍රසිද්ධයි.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පෘථිවියේ මෙන් ජල වළාකුළු වලින් අකුණු ඇති නොවන අතර බ්‍රහස්පති ග්‍රහයාගේ අකුණු පහරවල් පැමිණෙන්නේ ඇමෝනියා සහ ජලය මිශ්‍ර වූ වළාකුළු මගින් බවයි.
තවත් වෙනසක් නම් වායු යෝධයා ලෙස සැළකෙන බ්‍රහස්පති ග්‍රහලෝකයේ ධ්‍රැව අසලින් නිතර අකුණු වැදීම දක්නට ලැබෙන අතර පෘථිවියේ බොහෝ අකුණු සැර සිදුවන්නේ සමකය ආසන්නයේ බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.